IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


හදවත් රෝගී දරුවන් පනහකට ඉන්දියාවේදී සැත්කම්

(අංජුල මහික වීරරත්න)

මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනකු සඳහා ඉන්දියාවේ කොචි (Kochi) හි පිහිටි අම්රිතා රෝහලේ දී  (Amrita Hospital) හදවත් සැත්කම් සිදු කිරිමට අදාළ ව්‍යාපෘතියේ  අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මෙය සිදු කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ බටහිර කොළඹ රෝටරි සමාජය අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද අතර, මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ බටහිර කොළඹ රොටරි සමාජයේ සභාපති කේ.පී නාගරාජා යන මහත්වරුන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදි.

බටහිර කොළඹ රෝටරි සමාජය සහ බටහිර  කොචි රොටරි සමාජය එක්ව ගෝලීය ව්‍යාපෘතිය (Rotary Global Project) හරහා මේ සඳහා අරමුදල් සපයනු ලබයි.

දහසකට අධික හදවත් රෝගී දරුවන් පිරිසක් සැත්කම් සඳහා මෙරට පොරොත්තු ලේඛණවල සිටින අතර, හදවත් සැත්කම් සිදු කිරීමේ පහසුකම් මෙරට පැවැතිය ද හදිසි හදවත් සැත්කම් ඇතුළු පොරොත්තු ලේඛණ අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ‍

පොරොත්තු ලේඛණවල සිටින රෝගීන් අතරින් ප්‍රමුඛතාව මත හදවත් සැත්කම් සිදු කිරීමට යොමු කරනු ලබන රෝගීන් රෝග නිර්ණායක මත තෝරා ගැනීම කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබයි. 



අදහස් (0)

හදවත් රෝගී දරුවන් පනහකට ඉන්දියාවේදී සැත්කම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 886 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site