
(අංජුල මහික වීරරත්න)
ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කිරීම සඳහා පෙර - මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහා හැඳුනුම්පත් මුද්‍රණය කිරීම පිණිස අවශ්‍ය පෙර- මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන පහක් මිල දී ගැනීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදනය ක්‍රියාත්මකට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සහ ඒ පිළිබඳව වන ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් අවලංගු කිරීමට 2024-05-06 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණි.
එමෙන්ම, ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට හැකි වන පරිදි, නව ප්‍රසම්පාදනයක් ක්‍රියාත්මක කර සුදුසු සැපයුම්කරුවෙකු තෝරාගනු ලබන තෙක් පෙර - මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් අත්‍යවශ්‍ය ප්‍රමාණය පමණක් පෙර සැපයුම්කරුගෙන් නැවත ඇණවුමක් වශයෙන් ලබා ගැනීම සඳහාත් එම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, පෙර සැපයුම්කරු වෙතින් මිල දී ගත යුතු කාඩ්පත් ප්‍රමාණය සම්බන්ධයෙන් අදාල නිර්දේශ ලබා ගැනීමට හා සැපයුම්කරු විසින් ඉදිරිපත් කරනු ලබන මිල යෝජනාව ඇගයීම සඳහා ව්‍යාපෘති කමිටුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කරනු ලැබ ඇත.
එකී කමිටුවල නිර්දේශ මත පදනම්ව පෙර සැපයුම්කරු වන Just In Time Technologies (Pvt) Ltd. වෙතින් නැවත ඇනවුමක් වශයෙන් පෙර - මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 2.3 ක් මිල දී ගැනීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හැදුනුම්පත් කඩදාසි පරණ තැනින්ම ගන්න යයි
Perera Thursday, 20 June 2024 09:50 AM
මුළු කොමිස් ගැන කීයද ,කාට කාටද ලැබෙන්නේ ?
AnuraThursday, 20 June 2024 12:09 PM
මාලිමා ආණ්ඩුවක් අවහම හැදුනුම්පත අඩු වියදමින් ගෙදරදීම සාදාගන්න ක්‍රමයක් කියලා දෙනවා
Lalla Thursday, 20 June 2024 01:47 PM
කොලපතේ මුද්‍රණය කරලා වෙන්න බැරිද?
Chandima Thursday, 20 June 2024 11:26 AM
දැන් කඩදාසි මිල එදාට වැඩියෙන් අඩුයි. ඒත් ගන්න යන්න පරණ මිලටමද?
මංජුල Thursday, 20 June 2024 12:53 PM
ඔක්තෝබර් මාසෙ බාර දුන්න මගේ හැදුනුම්පත තවම ලැබුනේ නැත
de silva berlin Thursday, 20 June 2024 03:36 PM
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවකුත් තිබිලත් හැඳුනුම්පත මුද්‍රණය කරගන්න බැරිද? ලැජ්ජා නැද්ද?
Ruwan De Silva Thursday, 20 June 2024 03:41 PM
ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ හදපු ජාතික හැදුනුම්පත තාම හොදට තියෙනවා. අපේ පුතා හදපු අලුත් එක අවුරුදු 1යි ගියේ ඉටි කොලේ කැඩිලා ඇතුලේ නම් එහෙම ලාවට මැකිලා. ඇමැති ඩීල් නැති හොද පෞද්ගලික සමාගමක ඔය වැඩේ දුන්නා නම් ඩොලර් මිලියන ගානක් රජයට ඉතුරුයි. මතකනේ විමල් වීරවංශගේ ජාතික හැදුනුම්පත කීයක් හදලා තිබ්බා ද? ඒවාට නඩු දැම්මට වැඩක් වුනාද?
lelwala Friday, 21 June 2024 06:03 AM
විශාලන වීදුරුවක් නොමැතිව කිසිවෙකුට හැඳුනුම්පත කියවිය නොහැක. අකුර ඉතා කුඩා ය, පැහැදිලි නැත, තද නොවේ. දුර්වල ගුණාත්මක