
(රංජිත් රාජපක්ෂ)
මිල්ලගහමුල ප්‍රදේශයේ ඉදි කරමින් තිබු තෙමහල් ගොඩනැගිල්ලක් අද දින අලුයම 3.45 ට පමණ නායගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය කියයි.
ගිනිගත්හේන ප්‍රදේශයට එක දිගට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට මායිම්ව ඉදි කරමින් පැවති එම තෙමහල් ගොඩනැගිල්ල අඩි 200 ක් ප්‍රපාතයට නායගොස් ඇත.
ගොඩනැගිල්ල නාය යන අවස්තාවේ එහි කිසිවකු සිට නොමැති අතර, ප්‍රමිතියකින් තොරව එම ගොඩනැගිල්ල ඉදි කරමින් පැවති නිසා ගොඩනැගිල්ල නායගොස් ඇති බවට සැකකරන බවයි පොලිසිය කියා සිටියේ.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ තවදුරටත් වැසි පතිත වෙමින් පවති.

2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හදන්න ගත් තට්ටු ගොඩනැගිල්ල නාය යයි
Ruwan De Silva Saturday, 06 July 2024 07:51 PM
හොඳටම පේනවා නාය යන තැනක්, ප්‍රපාතයක් ගාව හදපු ගෙයක් කියලා. නගර සභාවෙන් නම් අවසර ගත්තේ... ඒකත් ප්‍රශ්නයක්...!
Shanika Sunday, 07 July 2024 06:09 AM
මහා මාර්ගයක් අසල ගොඩනැගිලි ඉදිකිරීම් කරද්දී වීථිරේඛා ගැන බලන්න ඕන ඊළඟට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය සමග අදාල පළාත් පාලන ආයතන අනුමැතිය ගන්න ඕන ඒවා ලබාගෙන ඇත්නම් අදාල ආයතන වගකීමක් නැතුව කටයුතු කලාද කියලා හිතෙනවා