(කාංචන කුමාර ආරියදාස)
හුදෙකලා කර සංචරණ නීති පනවා තිබියදී දඹුල්ල නගරයේ තොග වෙළෙඳසලක් විවෘත කොට සෞඛ්‍ය නීති සියල්ල උල්ලංඝනය කරමින් වෙළඳාම් කටයුතු වල නිරතව සිටී එහි සේවය කළ පුද්ගලයන් දස දෙනකු අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලිසිය කියයි
යුද හමුදාව පොලිසිය දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව යොදවා ලබාගත් තොරතුරු අනුව මෙම වැටලීම කළ බව මාතලේ දිස්ත්‍රික්ක කොවිඩ් මර්ධන කමිටු ප්‍රධානී මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා පවසයි.
බොහෝ කම්කරුවන් මුහුණු ආවරණ ඉවත් කරමින් නිරෝධායන නීති කඩමින් පරිමාණයෙන් ආහාර තොග අලෙවිය ප්‍රවාහනය ආදී සිදුකරන බව අනාවරණය කරගත් බව නාගරික සෞඛ්‍ය අංශය කියයි.
එම කඩයද වසා තැබිමට පොලිසිය ක්‍රියා කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
හුදකලා කළ දඹුල්ලේ කඩයක වැඩ කළ දහයක් අල්ලයි