(ඩයනා උදයංගනී)
විවිධ ආයතන මගින් අවිධිමත් ලෙස ජාතික සම්මාන පිරිනැමීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
විශිෂ්ට ලෙස ඇගයිය යුතු තැනැත්තන් වෙත රජය මගින් නිශ්චිත ක්‍රමවේදයට අනුව ලබාදෙන සම්මානවලට අමතරව, විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා පුද්ගලයන් ද එම ජාතික සම්මානවලට සමාන නමකින් යුත් සම්මාන ප්‍රදානය කිරීමේ ඉඩකඩ වළක්වාමින්, ආණ්ඩුව පිරිනමන සම්මාන වඩා ගෞරවාන්විතව පිරිනැමීම මෙහි අරමුණ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එමෙන්ම ගැසට් නිවේදනවල දක්වා ඇති පටිපාටීන්ට අනුගතව අයදුම්පත් කැඳවා, විධිමත් පටිපාටීන්ට අනුව තෝරාගන්නා සුදුස්සන් වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමිය යුතු බවටද ඇමති මණ්ඩලය තීරණය කළ බව ඇමතිවරයා කීවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිතුමතේට සම්මාන දීම වලක්වන්න යයි
Rocky Tuesday, 21 February 2023 05:48 PM
රාජ්‍ය සම්මාන පිරි නැමීමෙත් කොතෙකුත් දූෂණ තියනවා .විශේෂයෙන් ගුවන්විදුලි රාජ්‍ය සම්මාන සමහරක් දෙන්නේ විනිසුරු මඩුල්ලට ඕන අයට . විනිසුරු මඩුල්ල ගැන හොයලා බලපුවාම ඔවුන්ට ඒ ඒ කළා ක්ෂේශ්ත්‍රය ගැන දැනුමක් ඇත්තෙම නැහැ .ඒක සම්මාන කොල්ලයක්
swene Wednesday, 22 February 2023 07:10 AM
ආණ්ඩුවේ සම්මාන දීමත් සමහර අවස්ථාවලදී තුලනාත්මක නොවන බව පෙනෙනවා.