
(ඉන්දිකා රාමනායක)
යාපනය මාදගල් ශිවන් කෝවිලේ වන්දනාමාන කරමින් සිටි 76 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල බැද සිටි තැල්ල සහිත රුපියල් ලක්ෂ 10ට ආසන්න වටිනා රන් මාලය කොල්ලා කෑ කාන්තාවක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව මාදගල් පොලිසිය කියයි.
මොවුන් ත්‍රිරෝද රථයෙන් ගොස් යාපනය අවට රන් මාල කැඩීමේ නිරත සංවිධානාත්මක කල්ලිය සමාජිකයන් බවද පොලිසිය කියයි.
මෙම කාන්තාව ඊයේ (5) දහවල් කෝවිලේ රැදී සිටියදි කාන්තාවන් දෙදෙනකු කෝවිලේ රැදී සිටිමින් වයෝවෘද්ධ කාන්තාව අසලට ගොස් රන් මාලය කඩාගෙන පලාගොස් ඇත බව පොලිසිය පවසයි..
කෝවිලේ සිටි පිරිස කාන්තාවන් දෙදෙනා පසුපස හඹායාමේ දී සැකකාරිය අසල නවතා තබන ලද ත්‍රිරෝද රථයක නැගී පලාගොස් ඇත.
කෝවිලේ සිටි පිරිස එම ත්‍රිරෝද රථය පසුපස හඹා එය නවත්වාගෙන ඇති අතර, සැකකාරියන් සහ ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත
කොල්ල කෑ රන් මාලය ද සැකකාරිය සතුව තිබී සොයාගෙන ඇත.
පලාගිය සෙසු සැකකාරිය අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්, සැකකාරිය උප්පුවේලි පදිංචිකාරියක් බවත් පොලිසිය පවසයි.
පලාගිය සැකකාරිය අතඅඩංගුවට ගැනීමට ඉලවාලි පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හැත්තෑහය කතගේ මාලය කොල්ල කාලා
sam Tuesday, 07 March 2023 04:32 AM
බල පල්ල පාර්ලිමේන්තුවෙ ඉන්න මලයගෙ ගෝලයෙක්ද කියල. නමගිය මාල හොරා ඉන්නෙ පාර්ලිමේන්තුවෙ.