IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නැමැති ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා චන්ද්‍රගුප්ත මහතා අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.

 



අදහස් (23)

හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට

Asanga Monday, 18 December 2023 02:26 PM

එතකොට ඇමතියා බබාද​?

:       0       86

Hafeel Monday, 18 December 2023 05:31 PM

ඇමැති කොහොමත් නිදහස්. මේ රටේ ඉතිහාසය එහෙමයි. උඩතලවින්න දස පුද්ගල ඝාතන නඩුවේදී අදාළ ඇමැතියා සහ පුතුන් නිදොස්කොට නිදහස්. අනිත් අය හිරේ. දැන් බලන්න මේ ආණ්ඩුව ගෙන කියන්න තියන්නේ බැංකු හොරා, කප්පම්කාරයා, කොමිස්කාරයා, සතොස හොරා, සුනාමි හොරා, සුදු ළූණු හොරා එහෙම සියලු අපරාධකරුවන්ගෙන් සමන්විත ආණ්ඩුවක්...

:       0       0

Nimal Monday, 18 December 2023 02:35 PM

එක මෝරෙක් හරි අහුවෙලා. ඇප මත නිදහස් කරන්න එපා. රටේ අහිංසක ජනතාවගේ ජීවිත අනතුරේ හෙළූ කාලකණ්ණි...

:       0       20

Dharmatileke Monday, 18 December 2023 02:50 PM

කෙහෙළිය අත්අඩංගුවට ගන්නේ හෙටද?

:       0       0

An Impatient Patient Monday, 18 December 2023 02:58 PM

එතකොට හිටපු සෞඛ්‍ය ඇමති. කවුද බාල ‌බෙහෙත් මිලදීගත් මහමොළකරු?

:       0       0

Arevinda Monarawila Monday, 18 December 2023 03:00 PM

තෝරු මෝරු රින්ගල යනවා හාල්මස්ස අහුවෙනවා, එක තමයි සිරි ලන්කාවෙ සිස්ටම් එක.

:       0       0

ලසන්ත Monday, 18 December 2023 03:04 PM

මෙයා වැඩ කලේ දෙදෙනෙකුගේ කීමට. එකෙක් ඇමති රඹුක්වැල්ල අනිකා රත්නායක. කෝ ඒ ගොල්ලොන්ගෙන් ප්‍රශ්ණ කරන්නේ නැත්ද?

:       0       0

පුරවැසියෙක් Monday, 18 December 2023 03:06 PM

රාජ්‍ය නිලධාරීන් සැලකිළිමත් විය යුතුය .. ඇතැම් දේශපාලනඥයින්ට වඩා ඇතැම් නිලධාරීන් දූෂිතයන්ය.

:       0       0

මැක්ස් Monday, 18 December 2023 03:10 PM

දේශපාලක මාලු විතරක් තලු මර මර කන්න බලා ඉන්න අය කොහොම වුණත් දූෂණයට සැබෑ ලෙසම අකැමැති ජනතාව මේ පුවත ගැන සතුටුයි...!

:       0       0

sathyapala Monday, 18 December 2023 03:33 PM

ලජ්ජා නැති තිරිසන් සතා. උබලා වගේ තිරිසන්නුන්ගේ දරුවන් පවා සොයලා හෙළිකර ඔවුන්ගේ ජිවිත කාලය පුරාවට උබලා කල අපරාධ මතක්කර දෙන්නට ක්‍රමයක් සෙවිය යුතුයි. උබලා අහිංසක ජිවිත සහ රටක් විනාශකර හොයන මුදල් වලින් දරුවන් පිටරට පටවා සුපිරි සැප දෙන්නට හිතනවානම් එය පරාජය කල යුතුයි. විශේෂයෙන් වැඩිහිටි දරුවන් දන්නවා මී මගේ තිරිසන් (පිං) පියා අපිට වියදම් කරන්නේ හොරකම් කල සල්ලි කියලා. එවන් තිරිසන් දරුවන් ලෝකයටම ශාපයක්. ඔවුනුත් දවසක මිනිසුන්ගේ රීරි මාංශ උරා බොන සත්ජ්තු බවට පත්වෙන එක නියතයි.

:       4       70

RifanMonday, 18 December 2023 03:58 PM

මෙවැනි අපරාධවලට සම්බන්ධ පිරිසගේ පමණක් නොව එම පවුලේ සාමාජිකයින්ගේද පුරවැසි භාවය අහෝසි කළයුතුයි..!

:       0       0

SathyaMonday, 18 December 2023 04:21 PM

100000000%% එකඟයි.

:       0       32

NimalMonday, 18 December 2023 04:58 PM

මේ වගේ පාපතරයින් සමග වැඩකරන තිරිසනුන්ට අපහාස කරන්න එපා. තිරිසන්නු ළඟ මේ අයට වඩා දහස් ගුණයක් හොඳ ගති තියෙනවා.

:       0       0

ravin Monday, 18 December 2023 03:41 PM

රාජ්ය නිලඩාරිනි ! හොඳ පාඩම් හොඳ පාඩම් මෙවා නුබලාට හොඳ පාඩම්.

:       0       40

Prasanna Monday, 18 December 2023 05:01 PM

රජයේ සේවකයා කියන්නේ ජනතාවගේ පරම හතුරන්...

:       0       0

sumanasiri Monday, 18 December 2023 05:15 PM

රාජ්‍ය නිලධාරීන්ට හොඳ පාඩම් මේවා, මෙහි මහා මොලකරුවන් වන දේශපාලුවන්ට කඩේ යාමෙන් ලැබෙන ප්‍රතිඵල, නමුත් මේකත් එක්තරා නාඩගමක් විය හැකිය... කල් රඟමින් සිට මොවුන් නිදොස්කොට නිදහස්... මෙතුවක් කල් සිදුවුණේ එයයි...!

:       0       0

චන්දිම ෆොන්සේකා Monday, 18 December 2023 05:57 PM

අත්අඩංගුවට ගත්තාට විතරක් මදි. මේ හොරකම් ජාලයම කරලා තියෙන්නේ බොහෝම සැලසුම් සහගතව. ඒ නිසා කොහෙන් හරි රිංගලා ගිහින් උසාවියේදී නිදොස් කොට නිදහස් වීමට මොවුන් තමන්ට ගත හැකි හැම දේම හොඳට සැලසුම් කරලා තිබිය හැක. මොකද මේ කාලේ උගත් ලෝක හොරු ඉස්සර වගේ ලේසියට අහුවෙන්න වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඉතිරි ටිකත් හරියටම කෙරෙයි කියලා නිකම් බලන් ඉන්න නම් නරකයි. මුළු මහත් නීති ක්ෂේත්‍රයේ සැමටම බොහෝම අවධානයෙන් ඇහැ ගහගෙන ඉන්න වෙනවා.. ඉදිරියේදී මොනවද වෙන්නේ කියලා...

:       0       0

Sagara Kariyawasam Gobbaya Monday, 18 December 2023 06:03 PM

අහින්සක මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු මෙයාට හොඳ වැඩේ. දැන් වමාරපන් ඕවාට හවුල් අනිත් එවුන් කවුද කියලාත්...!

:       0       15

ඉන්දික Monday, 18 December 2023 06:55 PM

කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් කියලා ඉස්සර අපේ මිනිස්සු කියලා තියෙන්නේ ඕවාට තමයි. නුඹලා කරන අපරාධ පස්සෙන් පන්නාගෙන එනවා කවදාහරි... මේක අනිත් රජයේ සේවකයෝත් දැනගෙනත් වැඩ කරන්න. දේශපාලකයෝ බේරෙනවා යට ඉන්න අය අහුවෙනවා...!

:       0       11

Nandana Monday, 18 December 2023 08:01 PM

හොඳ කොමිස් එකක් අරන් ඇති...

:       0       0

C. Kularatne Monday, 18 December 2023 08:30 PM

මේ එක්කෙනෙක් විතරයි, පරිපාලන සේවයේ ඉන්න වැඩි දෙනෙක් මෙහෙම තමයි, දේශපාලුවන්ට වඩා මේ අය තමයි හොරකම් කරන්නේ...! 

:       0       0

Asela Monday, 18 December 2023 09:01 PM

මං අපරාධයකට සම්බන්ධ සියලුම දෙනාව ගෝල්ෆේස් පිට්ටනියට ගෙනිහිල්ලා ප්‍රසිද්ධියේ වෙඩි තියලා බුලට් එකේ සල්ලිත් පවුලේ අයගෙන් අයකරගන්න ඕනෑ...

:       0       0

A dying patient Tuesday, 19 December 2023 03:05 AM

ප්‍රමිතියෙන් බාල ඖෂධ ආනයනය කිරීම පිටුපස සිටින ප්‍රධාන මොළය ගැන කුමක් කිව හැකිද? බැල්කනි KR ද දැන් අත්අඩංගුවට ගත යුතුය.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 214 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site