(සුජිත් හේවාජුලිගේ)
හිටපු ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් පනහකට වැඩි පිරිසක් පසුගිය දිනවල පන්සල් දේවාල සහ කෝවිල් ගණනාවකට ගොස් පුද පූජා පවත්වා සෙත් ශාන්ති කරවාගෙන ඇතැයි ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
මෙසේ පුද පූජා පවත්වා ඇති වැඩි පිරිසක් විවිධ දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෝ වෙති.
පසුගිය දිනවල කතරගම දේවාලයට පමණක් හිටපු දේශපාලඥයන් විස්සකට වැඩි පිරිසක් පැමිණ පුද පූජා පවත්වා ඇතැයි එම දේවාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර විවිධ චෝදනාවලට ලක්ව සිටින රජයේ උසස් නිලධාරියෙකු පසුගිය දිනක විශේෂ ආරක්ෂාවද සහිතව ගොස් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන එම ප්‍රදේශයේ නායක භික්‍ෂූන් වහන්සේලාද හමුවී ආශිර්වාද ලබාගෙන ඇතැයි වාර්තාවේ.
එසේම ඉන්දියාවට ගොස් සිටින හිටපු දේශපාලඥයකුද එරට කෝවිලකදී මහා පරිමාණයේ පූජාවක් පවත්වා ආශිර්වාද ලබාගෙන ඇත.
විවිධ දූෂණ සහ වෙනත් අක්‍රමිකතා සම්බන්ධයෙන් දේශපාලනඥයන් ඇතුළු රජයේ නිලධාරීන් විස්සකට ආසන්න පිරිසක් පසුගිය දිනවල අත්අඩංගුවට ගැනිණ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හිටපු ලොක්කෝ රොත්තක් පන්සල් දේවාල ගාණේ
Asela Saturday, 07 June 2025 09:47 AM
හොරකන් කරනකොට දෙවියෝ මතක් වෙන්නේ නැහැ.
gamunuSaturday, 07 June 2025 04:23 PM
සිරගත කිරීමට පෙර යම් සහනයක් ලබාගැනීමට නම් කළයුතු වන්නේ තෙරුවන් සරණ සහ දෙවියන්ගෙන් සරණ ලබාගැනීම නොව අයථා ලෙස ඉපැයූ සියලු මුදල්, දේපල සියල්ල රජයට බාරදීම වේ. තෙරුවන් සහ දෙවියන්ගෙන් සෙත්පතා අශිර්වාද හෝ පිරිත්නූල් පැළැඳීමෙන් නීතියෙන් සමාවක් නොලැබේ.. ශ්‍රී ලංකාව දුෂිතයින්ගෙන් බේරාගත යුතුයි. නීතිය ක්‍රියාත්මක විය යුතුයි. නීතිය ක්‍රියාත්මක වීම වර්තමාන රජය ඔවුන් නිසා සිදුවූවක් සේ ප්‍රචාරණයක් ලබාදී ලකුණු දමාගැනීම සිදුනොවිය යුතුයි.
ගුණරත්න Saturday, 07 June 2025 10:11 AM
ඔව් ත්‍රස්ත කල්ලියකට සම්බන්ධ ආයුධ කන්ටේනර් 300ක් රට ඇතුළට ඇවිත් කියලා තියෙන ප්‍රවෘත්තිය ඇහුවාම පන්සල් දේවාලවල දෙවියන්ගේ පිහිට යදිනවා ඇරෙන්න මොකක්ද කරන්න පුළුවන්...?
Perera Saturday, 07 June 2025 10:23 AM
හතරවරම් හොරාකාපු අයට දෙවියන් ආරක්ෂාව දෙනවා නම් ඉතින්... එක්කෝ ඕන නැහැ...
වලේසුදා Saturday, 07 June 2025 10:30 AM
කාටත් ආගම දහම මතක් වෙන්නේ පව් පළදෙන්න ගත්තාම. ඒක ඒ ආණ්ඩුවද මේ ආණ්ඩුව ද කියලා නෑ. නිරය පිරෙනවා.
ගමගේ Saturday, 07 June 2025 01:38 PM
ඔය බය තිබුණා නම් ඉවරයිනේ හොරා කනකොටත්. මෙහෙදි මොනවා වුනත් ස්ථිර වශයෙන් හරිම දඬුවම ලබෙන තැනක් දවසක් එනවා... හැමෝටම වැරැදි කරපු. මෝඩයෝ පවට බය නෑ. විපාක ලැබෙනකොට අඬනවා.
Neel Saturday, 07 June 2025 02:00 PM
මේ ආණ්ඩුව සමග අපට කීරීම අවුලක් නැත. ඉදිරියට වුණොත් මැතිවරණයකදී බලාගමු..
නිමල් Saturday, 07 June 2025 03:12 PM
පුහුල් හොරා කරෙන් දැනේ...
කපුරුහාමි Saturday, 07 June 2025 03:28 PM
රජකම් කෙරුවත් කළකම් පළදෙනවාමයි. හිටපු දූෂිත නායකයෝ ජනතා බදු මුදල් හොරාකාලා තිරුපති ගිහින් පුද පූජා පැවැත්තුවා. අරලියගහ මන්දිරයේ හැම පෝයටම ධර්ම දේශනා කළා. පන්සල් වන්දනාවේ ගියා. මිත්‍යා විස්වාස හිස් මුදුනින් පිළිගත් අය වැළමිට දක්වා පිරිත් නූල්, ඇගිළි පහේම ජීවන් කරපු මුදු වසීබෝල දාගෙන උන්නේ.. වැඩක් වුණාද...?
SIRI Saturday, 07 June 2025 04:56 PM
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සල්ලි දීලාවත් අරගන්න බැරි හොඳ ඔත්තුවක්...!
Pradeep Kumara Saturday, 07 June 2025 05:18 PM
පවුකාර මුදලට පන්සල ළඟ වුවත් නිර්වාණය දුරයි...
පිස්සු යකෙක් Saturday, 07 June 2025 06:19 PM
අර ගුනරත්න කියලා අදහස් දාන පොරත් දේවාල ගානේ යාවි අනුගාමිකයින් ඔක්කෝම හිරේට ගියාම.... නියම බයි රජෙක් රාජපක්ෂ අසූචි පුච්චන් කන..