(නිමන්ති රණසිංහ)
බැඳුම්කර වංචාවක් සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය නිකුත් කළ සිතාසි මත පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා අද (26) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අධිකරණයෙන් නිකුත් කළ විදෙස් ගමන් තහනම ලබන 24 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ද අධිකරණය නියෝග කළේය .
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු මහ බැංකු අධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙම සිද්ධියට අදාළව පෞද්ගලික පැමිණිල්ලක් අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබ තිබුණේ දකුණු හා මධ්‍යම පළාත් වල ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රාජගිරිය පදිංචි රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසිනි.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට ඇප
ravin Wednesday, 26 October 2022 04:48 PM
ජීවිතාන්තය දක්වා හිරේ සිටිය යුතු අයෙක්.
fairoos Wednesday, 26 October 2022 06:55 PM
නන්දසේනත් එක්ක එකතුවෙලා රටම බංකොළොත් කළා..!