(විමුක්ති එස් රුද්‍රිගු සහ ලහිරු හර්ෂණ)
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම පෙබරවාරි මස 16 වන දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (17) නියෝග කළේය.
මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මෙසේ නියෝග කළේ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය
එහිදී මෙම නඩුවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය විසින් කබ්රාල් මහතාගේ පාර්ශවයට පෙබරවාරි මස 16 වනදා දක්වා කල් ලබා දුන්නේය.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.