IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හිටපු මැකෝගෙන් පෝස්ටර් විරෝධයක්

(එම්.සුසිල් පියන්ත)

නාම යෝජනා බාර ගෙන ආණ්ඩුවේ බලපෑම මත කල් තබා ඇති නගර සභා -පාදේශීය සභා ජන්ද විමසීම ප්‍රමාද කිරීම ඒකාධිපති කමයට අත වැනීමක් යැයි  මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය නිවෙස ඉදිරිපිට දැන්වීම් එල්ල සිය විරෝධය එල්ල කළේය.

මහජන ඡන්දයෙන් තේරි පත්වූ නියෝජිතයන් නොමැතිව නිලධාරීන් සිදුකරන පාලනය පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයි එම දැන්වීම්වලින් ප්‍රදර්හනය කෙරේ.  

අම්බලන්ගොඩ- බටපොළ මාර්ගයේ යන එන අය බල බලා යනු දක්නට ලැබූ අතර ඒ අතරින් බොහෝදෙනා මහින්ද දේශපිය මහතා කළ මේ කියාවට ස්තූති කරමින් ජයගෝසා නගමින් සිය සහාය පළ කළහ.

 

 



අදහස් (8)

හිටපු මැකෝගෙන් පෝස්ටර් විරෝධයක්

චන්දදාස Wednesday, 10 April 2024 10:22 AM

කොමසාරිස්තුමා වගේම හිටපු කොමිසමේ සභාපතිතුමා අලවා තියෙන බැනරයේ ඔහුගේ නොදැනුවත්කමක් ප්‍රදර්ශනය කරල තියෙනවා. කොහොමද කිව්වොත් ලංකාවේ පළාත් පාලන ආයතන වර්ගය තුනක් තියෙනවා ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා කියලා. ඉතින් ඒවා එකක් හැටියට ගත්තාම පළාත් පාලන ආයතන කියලා කියන්න පුළුවන් එක් වර්ගයක් අතහැර බැනරය ලියවීමෙන් තමයි නොදන්නා කම පෙන්වා තියෙන්නේ. දිගුකලක් මැතිවරණ මෙහෙයවා විශ්‍රාම ගත්තාට පස්සේ මැතිවරණ නැතුවම කහනවා වගේ ගතියක් ඇති කියලා හිතෙනවා

:       18       6

සුමනදාසWednesday, 10 April 2024 05:06 PM

නම දාස වුණාට කමක් නෑ. ඕනෑවට වඩා දාසකම කරන්න එපා චන්ද්‍රදාස. වැරැද්ද තියෙන්නේ බැනර් එකේ නොවේ දිනන්න බැරි බව දැනගෙන ජන්දෙ නොතියන එකේ. මොන දහම් ගැටේ දැම්මත් ඔයාගේ හාමු මේ පාරත් පරාදයි. එයාටයි එයාගේ කුක්කෝ ටිකටයි ඇපත් නැතිව ගෙදර යන්නයි වෙන්නේ. ඕනෑම නම් ඔයාගේ ගෙදර හරියට බැනර් එකක් දාන්න..

:       3       9

Channa Wednesday, 10 April 2024 11:35 AM

මෙයාට විකාර...

:       9       5

සිල්වා Wednesday, 10 April 2024 11:41 AM

හිටපු මැකො මහත්තයෝ දැන් අපට ඕනෑ ඔය පළාත් පාලන ඡන්ද නොවෙයි, බදු අඩු කරන ජීවන වියදම් අඩුකරන ක්‍රමයක්. ඒක කරන්න මොනවා හරි යොජනා කරන්න. ජීවන වියදම් ප්‍රශ්නය නහයට උඩින් ගිහින් තියෙන්නේ.

:       10       5

පෙරේරාWednesday, 10 April 2024 02:58 PM

සිල්වා මහත්තයෝ බඩු මිල වැඩි නම් ඊළඟ ඡන්දෙදිවත් හොරු ටිකක් නැතිව මහත්වරු ටිකක් පත්කර ගන්න. 92 ගෙනත් බාන ඵෑණු 700 කන ගමන් බඩු මිල අඩු කරන්න කියන්න එපා. සුදු ඵෑණු හොරු, සීනි හොරු, සැමන් හොරු, පොල්තෙල් හොරු, ඉන්ධන හොරු, බිත්තර හොරු, බැංකු හොරු ඉන්නකල් බඩු ගණන් තමයි.

:       3       12

ranjith Wednesday, 10 April 2024 12:11 PM

රටට ඉන්න ඕනේ මේ වගේ මිනිස්සු. දේශපාලකයන්ට කඩේ ගිහින් ප්‍රතිලාභ ගන්න හොරු නොවේ...

:       6       18

විපරමා Wednesday, 10 April 2024 01:28 PM

මෙයාගේ සමහර කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ .. ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිකම තියෙද්දී නාම යෝජනා බාර ගත්තා.

:       6       10

Prabha Wednesday, 10 April 2024 04:35 PM

ඒක ඔප්පු කරන එක අනිත් පක්ෂවල රාජකාරිය. නැතුව මැකෝගේ රාජකාරිය නොවේ...

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site