(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන සරත් ලූගොඩ මහතාගේ කොහුවල සුනේත්රාදේවි මාවතේ පිහිටි නිවස බිඳ රුපියල් ලක්ෂ 18 ට ආසන්න වටිනා රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ආණමඩුව නගරයේදී ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සරත් ලූගොඩ මහතා ඇතුලු පිරිස නිවසේ නොමැති අවස්ථාවක ඉකුත් වසරේ අගෝස්තු මස 22 දින සැකකරු හොර හොර රහසේ නිවසට ඇතුළු වී පවුම් 14 ට අධික මෙම දේපළ සොරා ගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් සිදු කළ දීර්ඝ විමර්ශනයකදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගෙන ඇති අතර ඊයේ (6) මෙම සැකකරු සොරාගත් රන් ආභරණ කිහිපයක් උකස් තැබීම සඳහා ආනමඩුවේ උකස් ආයතනයක් වෙත ගොස් සිටියදී ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇතග
අත්අඩංගුවට ගත් සැකකරු නවගත්තේගම පදිංචි (19) හැවිරිදි තරුණයෙකු බවත් කොළඹ ප්‍රදේශයේ නිතර සැරිසරමින් වසා දමා ඇති නිවාස තොරතුරු සොයා බලා පසුව එම නිවෙස්වලට ඇතුළු වන පුද්ගලයකු බවද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇතග
මෙම සැකකරුට එරෙහිව ගෙවල් බිඳුම් චෝදනා රැසක් ඇති බවද පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු භාරයේ තිබී රන් භාණ්ඩ රැසක් පොලිසිය භාරයට ගෙන ඇති අතර රන් භාණ්ඩ කිහිපයක් හලාවත ඇතුළු ප්‍රදේශ රැසකට අලෙවි කර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇතග
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු නියෝජ්‍ය පොලිස්පතිගේ ගේ බින්ද අයෙක් මාට්ටු