IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිටපු ජනපති ප්‍රේමදාසගේ ගුණ සැමරේ

(නිමල කොඩිතුවක්කු)

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සැමරුම  වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ධර්ම දේශනාවක් අද (30) පැවැත්විණ.

මෙම අවස්ථාව සඳහා ගංගාරාම විහාරයේ  විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ඇතුලු මහා සංඝ රත්නය වැඩම කර සිටි අතර හොරණ සීල සුවඅරණ ගිලන් භිකෂු  මධ්‍යස්ථානයේ  අනුශාසක ගලගමුවේ ඥණදීප හිමියෝ එහිදී ධර්ම දේශනාව සිදු කරනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති ආර්‍යා හේමා ප්‍රේමදාස මැතිණිය, කතානායක කරු ජයසූරිය, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක, මලික් සමරවික්‍රම යන මහත්වරුන් සහ ප්‍රේමදාස පවුලේ ඥාතීන් ඇතුලු පිරිසක් එක්වූහ.

රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් රාජ්‍ය නායකයා ලෙස තමන් සැප විඳිනවා වෙනුවට රටේ අනික් ජනතාවට  සැප උදා කිරීමට වෙහෙසුනු ජන නායකයෙක් බව ගංගාරාම විහාරයේ  විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ එහිදී අනුශාසනාවක් සිදුකරමින් පැවැසූහ.

(ඡායාරූප -  ළහිරු හර්ෂණ)

 

 

 



අදහස් (0)

හිටපු ජනපති ප්‍රේමදාසගේ ගුණ සැමරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site