(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිව රකිමින් අයවැයට, වැට් බදු වැඩි කිරිමට පක්ෂව ඡන්දය ලබා දී, ජනතාවගේ කරපිට බදු බර පටවන්න එපා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදන නිකුත් කරමින් පැවසීම විහිලුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
රටේ ජීවනෝපායන් කඩා වැටී ආර්ථිකය බංකොලොත් වී ඇති මොහොතක ඇතැම් පාර්ශ්ව වංචාකාර දේශපාලන නාට්‍ය නිෂ්පාදනය කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රට බංකොලොත් කළ රට විනාශ කළ පුද්ගලයන්ම විවිධ රගපෑම් ඔස්සේ ජනතාව මංමුලා කිරීමට නැවතත් උත්සාහ කරන බැවින් එම ව්‍යාජ රගපෑම්වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිටපු ජනපති නිවේදන නිකුත් කර විහිලු කරනවා
Rata Perata Thursday, 21 December 2023 05:36 PM
ඕවා ගැන එච්චර කරදර වෙන්න එපා... සමහර මිනිස්සු නාකි වෙනකොට ඔහොම වෙනවා. ඔය කියන්නේ අර අල කීයද? බී ළූණු කීයද කියලා අහපු කෙනා ගැන නේද?
ගමේ එකාලා Thursday, 21 December 2023 07:01 PM
ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා ජනතාව අන්දවලා බලයට ආපු, අන්තිමට මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු අයගේ උඩ යට මාරු වෙලා.
Bamunuarachchi Friday, 22 December 2023 08:52 AM
අපි ඕවා ගණන් ගණන් ගන්නේ නැහැ. සජියගේ විහිළු අහන අපිට මහින්දගෙ විහිළු විහිළුද? නැද්ද අම්මපා.