චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුව අතරතුරේ ඊට සහභාගී වී සිටි චීනයේ හිටපු ජනාධිපතිවරයකු වන හූ ජින්තාඕ හිටිහැටියේ සමුළුවෙන් ඉවත් කිරීමට නිලධාරීන් දෙදෙනකු කටයුතු කළ අතර එම සිදුවීම බටහිර මාධ්‍යවල වැඩි අවධානයක් දිනා ගත්තේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ එක් වී, ෂී ජින්පින් පක්ෂ නායකත්වයෙන් සහ ජනාධිපති ධුරයෙන් ඉවත් කිරිමට කුමන්ත්‍රණයක් මෙහෙයවූයේ යැයි මීට සති කීපයකට පෙර ඇමෙරිකන් සහ ඉන්දීය මාධ්‍ය පුවත් වාර්තා කර තිබුණි.
චීන ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියට පත් කළ බවටත්, චීනයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණු බවටත් රාවයක් පැවැතිණි.
ෂී ජින්පින්ට පෙර, කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූයේත්, ජනාධිපතිවරයා වූයේත් හූ ජින්තාඕ ය. පක්ෂ කොංග්‍රස් සමුළුව අවසන් දිනයේ කටයුතු පැවැත්වෙද්දී, නිලධාරීන් දෙදෙනකු පැමිණ ෂී ජින්පින් අසල අසුන් ගෙන සිටි හූ ජින්තාඕ සමුළුවෙන් ඉවතට රැගෙන ගියේ ජින්තාඕ ඊට විරෝධය දක්වද්දීව. ඒ බව එම සිදුවීමට අදාල රූප රාමු විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වෙද්දී පැහැදිලිව දකින්න ලැබුණි.
එම සිදුවීම සම්බන්ධයෙන් චීන ‘කොමියුනිස්ට්’ පක්ෂය, පසුව මාධ්‍ය හමුවේ කියා සිටියේ, 79 හැවිරිදි හූ ජින්තාඕ අසනීප තත්ත්වයකින් පසුවුණු බවත්, ඔහුගේ ආධාරකරුවන් පැමිණ ඔහු ඉවතට රැගෙන ගිය බවත්, පසුව ඔහුගේ රෝගී තත්ත්වය සුව අතට හැරුණු බවත්ය.
(ඒ.එෆ්.පී.)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හිටපු ජනපති ජින්තාඕ සමුළුවෙන් ඉවත් කෙරේ