IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිටපු ක්‍රීඩා ඇමැතිගේ තවත් ගැසට්ටුවක් වත්මන් ඇමැති අවලංගු කරයි

( ජේ.ඉඳුරුවගේ )

හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටු පිහිටුවීම පිළිබඳව නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් හා එම කමිටු විසුරුවා හරිමින් වත්මන් ක්‍රීඩා හා යව්වන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2023.09.25 දින මේ සම්බන්ධයෙන් රොෂාන් රණසිංහ මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයෙන් ශ්‍රී ලංකාවේදී හෝ විදේශයකදී ක්‍රීඩා ක්ශේත්‍රය සම්බන්ධව ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන ඕනෑම කටයුත්තක් වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් හෝ සංවිධාන සම්බන්ධීකරණ කටයුතු ඉටුකිරීම අරමුණකරගෙන එක් එක් ක්‍රීඩාව සඳහා ඒ ඒ ක්‍රීඩාව සම්බන්ධ දැනුම සහිත එක් පුද්ගලයකුගෙන් හෝ කිහිප දෙනකුගෙන් සැඳුම්ලත් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව යනුවෙන් හඳුන්වන කමිටු විෂය භාර ඇමති පත්කළ හැකිය යන නියෝගය පනවා තිබිණි.

එම නියමය ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු කරමින් 2024.01.29 දිනෙන් යුතුව වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය අනුව එවැනි ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටු පිහිටුවීමට ක්‍රීඩා ඇමතිවරයාට ඇති බලය අහෝසි කිරීම මෙන්ම පිහිටුවා ඇති එවැනි කමිටුද විසුරුවා හැර ඇත.

 



අදහස් (1)

හිටපු ක්‍රීඩා ඇමැතිගේ තවත් ගැසට්ටුවක් වත්මන් ඇමැති අවලංගු කරයි

R. රණසිංහ Friday, 02 February 2024 02:00 PM

රිවර්ස් නන්දසේනගේ ළඟ ඥාතියෙක්ද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site