IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


හිටපු කැබිනට් ඇමැතිට සිර දඬුවම්

සිංගප්පූරුවේ හිටපු අමාත්‍ය එස්. ඊශ්වරන්ට මාස 12 ක සිරදඬුවමක් නියම විය.

හිටපු අමාත්‍යවරයාට සිර දඬුවම් නියම වූයේ, ඔහු ඔහුගේ සමීපතම මිතුරන් ලෙස සැලකෙන ව්‍යාපාරිකයන් හත් දෙනකුගෙන් තෑගි මුදල් ලෙස සිංගප්පූරු ඩොලර් ලක්ෂ තුනකට වඩා වැඩි මුදලක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වීමෙනි.

ඉන්දීය සම්භවයක් සහිත ඊශ්වරන් වසර 13 ක් තිස්සේ සිංගප්පූරු කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කර ඇත. වෙළෙඳ, සන්නිවේදන සහ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ  ඊශ්වරන්ය. ඔහුට අමාත්‍ය ධුරය අහිමිවූයේ ද මෙම චෝදනා මුල්කොට ගනිමිනි.

අල්ලස් දූෂණ චා්දනා රැසක් එල්ල වී ඇති අතර, මාස 12 ක සිරදඬුවම් නියම වූයේ එක් නඩු විභාගයක් සම්බන්ධයෙනි.

එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්වරන් අධිකරණය හමුවේ වරද පිළිගත්තේ යැයි සිංගප්පූරු මාධ්‍ය වාර්තා කර ඇත.

මීට පෙර ද ඊශ්වරන් ට මේ අයුරින් දූෂණ සහ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.



අදහස් (8)

හිටපු කැබිනට් ඇමැතිට සිර දඬුවම්

Ranjith Dissanayake Thursday, 03 October 2024 01:06 PM

සිංගප්පුරුව වගේ අපේ ලංකාවත් සාධාරණව වැරදිකරුවෝ තීරණය වුනොත් කට්ට් 99% ම ඇතුලෙ තමා.

:       0       30

මකුළුවා Thursday, 03 October 2024 01:30 PM

සිංගප්පූරුවේ දශකයකට ආසන්න කාලයක් මම ජීවත් වුණා. හැමෝම කිව්වේ සිංගප්පූරුවේ අල්ලස දූෂණය නෑ කියලා. මමත් එහෙම තමා හිතාගෙන හිටියේ. ඒ්ත් ආපසු රට අත ඇරලා එන දවසේ (පුදුමය නම් එයයි) ගුවන්යානයේ මට අල්ලපු සීට් එකේ හිටි කාන්තාව කිව්වා, එයා ඩොලර් පනහක් දීලා ඉන්නා කාලය මාසයකින් දීර්ඝ කර ගත්තා කියලා. මම එයාට කිව්වා ඒක වෙන්න බෑ කියලා. නමුත් මට දැන් තේරෙනවා ඒක එහෙම වෙන්න ඇති කියලා. ලී සෙන් යූ කියන්නේ ලී ක්වාන් යූගේ පුතා.

:       0       7

කිරිහාමි Thursday, 03 October 2024 01:42 PM

සිංගප්පූරුවේ ඔය වගේ හොඳ නැති වැඩ කෙරුවට මෙහෙ එහෙම නෑ. මේක ලංකාව, ශ්‍රී ලංකාව!

:       0       15

de silva Thursday, 03 October 2024 01:47 PM

ලංකාවේ වුනේ මේකේ අනිත් පැත්ත. මරණ දඩුවම නියම වුන මිනී මරුවෝ , ජනාධිපති සමාව ලැබිලා පාර්ලිමේන්තු ආවා

:       0       18

maalaka Thursday, 03 October 2024 02:27 PM

සිංගප්පුරුවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ

:       0       13

don Thursday, 03 October 2024 02:29 PM

ලංකාවේ නම් තෑගි ලෙස බංගලාවල්, වාහන සහ මුදල් ඕන තරම් ගන්න පුළුවන් කිසි අවුලක් නෑ

:       0       14

ලසන්ත Thursday, 03 October 2024 03:41 PM

තමන් ජීවත් වූ අතිසුඛෝපභෝගී නිවස, තැගී ලෙස ලැබූවක් බව දන්නේ නෑ කියපු ඇමති කෙනෙක් ලංකාවේ හිටියා.

:       0       20

Perera Friday, 04 October 2024 03:48 AM

තව ටික කලකින් ලංකාවෙනුත් ඉතිහාසයේ පළමුවරට මෙවැනි ප්‍රවෘති අසන්නට ලැබෙයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1527 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 486 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site