IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


හිටපු ඇමැතිවරු 20ක් තවම සමිට් නිවාසවල

(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවෙන් මෑතකදී ඉල්ලා අස් වූ  හිටපු ඇමැතිවරුන් විස්සකට ආසන්න පිරිසක් ඔවුන්  ඇමැතිවරුන් හැටියට පාවිච්චි කළ සමිට් සුපිරි නිවාසවලින් තවමත් ඉවත්වී නැතැයි වාර්තා වේ.

මේ හිටපු ඇමැතිවරුන්ට එම නිවාසවලින්    වහාම  ඉවත් වන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍යාංශය පසුගියදා ලිඛිතව දැනුම් දුන්නේය.

ඇමැතිවරුන් බොහෝ දෙනෙකුට  කාලයක සිට නිල නිවාස ලබා දෙන්නේ  සමිට් සුපිරි මහල් නිවාස සංකීර්ණයෙනි

හිටපු ඇමැතිවරුන්ට එම නිවාසවලින් ඉවත්වන ලෙසට මෙසේ දැනුම් දී ඇත්තේ අලුතින් පත්වූ ඇමැතිවරුන්ට නව නිවාස ලබාදීමට සිදුවී තිබෙන නිසා යැයි  එම අමාත්‍යාංශ  ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර  සමිට්  නිවාස පාවිච්චි කරන අතරේදී මාදිවෙල මන්ත්‍රී නිල  නිවාසද පාවිච්චි කරන හිටපු ඇමැතිවරුන්  සිවුදෙනෙකු පිළිබඳව තොරතුරු හෙළිවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. ඒ අයට මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත් වන ලෙසට පාර්ලිමේන්තු ප්‍රධානීන් දැනටමත් දැනුම්දී ඇත.

මේ අතර  ආණ්ඩුවෙන් මෑතකදී ඉවත් වූ හිටපු ඇමැතිවරුන්ට  ඇමැතිවරුන් ලෙස ලබාදුන් ආරක්ෂාව තවදුරටත් ලබාදීමට රජය තීරණය කර ඇත.

රජය මේ තීරණය ගෙන ඇත්තේ  විවිධ උද්ඝෝෂණ කරුවන්ගෙන් එල්ල වන  තර්ජන ගර්ජන සැලකිල්ලට ගෙනය.



අදහස් (2)

හිටපු ඇමැතිවරු 20ක් තවම සමිට් නිවාසවල

අරගල රාළ Saturday, 07 May 2022 01:15 PM

නම්‍ ටික ඉක්මනට දාන්න.. මේ ගමන්ම ඒකත් විසඳලා දාන්න.

:       1       13

Nandana Saturday, 07 May 2022 04:33 PM

කරුණු එළිවෙලා තියෙනවා නම් මෙයාලගේ නම් නැත්තේ ඇයි?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 654 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site