IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හිටපු අධ්‍යක්ෂවරිය 29 වතාවක් රට ගියත් වාර්තා නෑ

(සුජිත් හේවාජුලිගේ)

වසංගත රෝග විද්‍යා ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරියක  විදේශගතවූ අවස්ථා 29 කදී   අනුමත කරන ලද නිවාඩු ඉල්ලුම්පත්‍ර දුන් බවට සනාථ කළ හැකි තොරතුරු විගණනයට ඉදිරිපත් නොකෙරුණේ යැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

රාජකාරි කටයුත්තක් සඳහා විදේශගත වන්නේ නම් අග්‍රාමාත්‍යවරයාගෙන් අනුමැතිය ලබාගත යුතු බවත් පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වන්නේ නම් අමාත්‍යංශ  ලේකම්වරයාගේ අනුමැතිය හෝ දිවයිනෙන් බැහැරව ගතකරන නිවාඩු සඳහා 126 වැනි පොදු ආකෘති පත්‍රයේ අනුමත නිවාඩු ඉල්ලුම්පත්‍ර  හෝ   දිය යුතු බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මේ අතර මඩකලපු ශික්ෂණ රෝහලට අයත් රජයේ  නිවාසවල පදිංචිව සිටි විවාහක හෙද නිලධාරීන් 14 දෙනකු වෙනුවෙන් එම රෝහල ගෙවා තිබූ රුපියල් හත් ලක්ෂයකට වැඩි විදුලි ගාස්තු  නිලධාරීන්ගෙන් අය කරගෙන නොතිබූ බව  වාර්තාවේ දැක්වේ.

තවද නිවාස කමිටුවක් පත් නොකර රෝහලේ කාමර එකසිය තුනකින් සමන්විත රජයේ නිවාස නවයක් නිලධාරීන්ට වෙන්කර දීමට මඩකළපු රෝහල් බලධාරීන් කටයුතු කර තිබූ බව  එම වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (6)

හිටපු අධ්‍යක්ෂවරිය 29 වතාවක් රට ගියත් වාර්තා නෑ

aravinda Monarawila Monday, 25 September 2023 04:29 PM

තව මොනවටද වාර්තා ඔය වාර්තාවම ඇති නේද ?

:       0       22

ravin Monday, 25 September 2023 04:57 PM

බැලුවොත් හැමතැනම දූෂණ, වංචාව. මේ හින්දා තමයි දේශපාලකයෝයි, හෙංචයියෝයි... විගණනයට අකැමැති.. වගවීම හා වගකීම යන දෙකම විගණනයේදී එළිවෙනවා...!

:       0       14

පැරකුම්Monday, 25 September 2023 10:35 PM

එලිඋනාය කියලඇති වැඩේ මොකද්ද එතනින් එහාට කවුරුත් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැත්නම්.

:       0       12

පාපකර්ම වසංගත Monday, 25 September 2023 06:29 PM

වසංගත පාපකර්ම. සූන්දර ලංකා. හූරංකා...!

:       0       0

මහජනයා Tuesday, 26 September 2023 01:26 PM

බොරු කැටයම් වැඩ. මේ කියන හිටපු අධ්‍යක්ෂවරිය ගේ වැඩ තහනම් වෙයිද? නැත්නම් විශ්‍රාම වැටුප අහිමි වේද? ආයතන සංග්‍රහයට පරිබාහිරව වැඩ කලාට දඩුවමක් ලැබේවිද? නැත... ස්වාමීනි... නැත... කිසිත් සිදු නොවේ. අපරාදෙ අපේ බදු මුදල් වය කරමින් පවත්වන මේ විමර්ශන.

:       0       1

navi Tuesday, 26 September 2023 01:55 PM

වියදම් අයකරගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site