IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හෙටට ඉදිවන ලග්ගල පල්ලේගම නව නගරය

මොරගහකන්ද-කළුගඟ ජලාශයන්හි ඉදිරිකිරීම් සමඟ කළුඟග ජලාශය හේතුවෙන්  යට වු පැරණි ලග්ගල  පල්ලේගම නගරය වෙනුවට අංග සම්පුර්ණව ඉදි කෙරුණු   නව ලග්ගල පල්ලේගම  නගරයේ සියලු ඉදි කිරීම් මේ වන විට නිම වෙමින් පවතී.

 
එළැඹෙන 08 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ   ප්‍රධානත්වයෙන්  නව ලග්ගල පල්ලේගම නගරය ජනතා අයිතියට පැවරීමටද නියමිතය.
 
 ලග්ගල, හත්තොට අමුණු, අකරැහැඩිය ප්‍රදේශයේ ඉදි වු මෙම නව ලග්ගල නගරය මේ  වන විට අංග සම්පුර්ණ නගරයක් ලෙසින් ඉදි වී හමාරය.
 
 නව පොලිස් ස්ථානය, ප්‍රාදේශීය  ලේකම් කාර්යාලය, ප්‍රාදේශිය  සභාව, ලග්ගල පල්ලේගම මහා විද්‍යාලය හා හානි වු සෙසු පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථානය, රාජ්‍ය පෞද්ගලික බැංකු, තැපැල් ස්ථානය ආදී සියලු රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන රැසක් සියලු පහසුකම්වලින් සමන්විතව නවීන අයුරින් සකස් කර මේ වන විට  අවසන් අදියරේ  පවතී.
 
 නව නගරයේ රාජ්‍ය ආයතන 26 ක් ඉදි කර ඇති අතර  ගොඩනැගිලි 112 ක් ඉදි කර තිබේ.

 

(36698)

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)



අදහස් (2)

හෙටට ඉදිවන ලග්ගල පල්ලේගම නව නගරය

shan saudi Thursday, 03 January 2019 10:21 AM

වාසනාවන්...!!! රටේ කොතැනක හෝ ජනතාවට සෙතක් සැලසේනම් ඒක තමා අපේ ඒකායන ප්‍රාර්ථනාව.. සුබ අනාගතයක් ඔබ සැමට....

:       1       6

pradeep Friday, 04 January 2019 09:22 PM

රටේ ඈත කොනක, ඉඩම් අහිමි වුන ජනතාවට, අලුත් නගරයක් සහ අලුත් ලස්සන ගොඩනැගිලි ලැබුණාම ඔවුන්ගේ ජිවිත වල සතුටක්, ප්‍රබෝධයක් ඇතිවෙයි. ඉතාම සතුටුදායක පුවතක්. විශාල පිරිසකට රටේ සංවර්ධන ප්‍රතිලාභ ලැබෙන එකයි වටින්නේ.

:       1       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site