IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හච් ”‍ස්මාර්ට් සැන්ඩි” ඇප් හඳුන්වා දෙයි

හච්, සාම්ප්‍රදායික සිල්ලර වෙළඳාම, ඩිජිටල් සිල්ලර වෙළඳාමේ නවමු මානයකට රැගෙන යමින් වැඩි දියුණු කරන ලද ”‍ස්මාර්ට් සැන්ඩි” ඇප් පසුගිය දා හඳුන්වා දුන්නේය.

මෙම නවතම යෙදුම සමඟ, හච් වෙළෙඳ මහතුන්ට නව සිම්පත් අලෙවි කිරීම සඳහා, ඡායා පිටපත් යන්ත්‍ර හෝ ස්කෑනර් වැනි මිල අධික උපාංගවල ආයෝජනය කිරීම අවශ්‍ය නොවන බවද හච් වෙළෙඳ මහතුන්ට ඉලෙක්ට්‍රොනික රීචාර්ජ් කිරීම් සඳහා මිල අධික යන්ත්‍රවල ආයෝජනය කිරීමට හෝ භෞතික ටොප්-අප් කාඩ්පත් තොගයක් තුළ සිය මුදල් ආයෝජනය කිරීම ද අවශ්‍ය නොවන අතර ඒ සියලු‍ මිලදී ගැනීම් එක් විශ්වීය ඩිජිටල් මුදල් පසුම්බියක් හරහා සිදුකරමින් ඩිජිටල්කරණය කරන ලද නිෂ්පාදන අලෙවි කිරීම සිදුකළ හැකි බව හච් සමාගම සඳහන් කරයි.

මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා මෙසේ පැවසීය. ”‍අපගේ වෙළෙඳ මහතුන්ගේ සහ වෙළඳ ජාලයේ වර්ධනය සඳහා අපි කැපවී සිටිනවා. 

අපගේ වෙළඳ මහතුන්ට, ඩිජිටල් වෙළඳාමේ නව යුගයට ප්‍රවේශ වීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දීම සඳහා විප්ලවීය හච් ”‍ස්මාර්ට් සැන්ඩි” ඇප් හඳුන්වාදීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. 

මෙමඟින් අපගේ වෙළඳ මහතුන්ට කාර්ය පහසුවෙන් කරගත හැකිවන අතර පුළුල් ආදායම් මාර්ගයක්, අඩු ආයෝජනයක්, වඩා හොඳ මුදල් ප්‍රවාහයක් සහ සම්පූර්ණ විනිවිදභාවයක් ලබා දෙනු ඇති. බොහෝ කුඩා ව්‍යාපාරවලට ඔවුන්ගේ ආදායම් පුළුල් කිරීමට සහ ඊට සමගාමීව අපගේ ගනුදෙනුකරුවන්ට සේවා ප්‍රවේශය වැඩි කිරීමට හැකියාව ලබා දීමට මෙමඟින් පහසුකම් සලසනවා.

595



අදහස් (0)

හච් ”‍ස්මාර්ට් සැන්ඩි” ඇප් හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 914 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 626 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site