IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


හච් වෙතින් නවතම ඩෙට සැලසුම් රැසක්

ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සඳහා පාරිභෝගිකයන් අතර ජනප්‍රිය හච්, කාලීන අවශ්‍යතාවලට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් නිවසේ සිට අධ්‍යාපන හා කාර්යාල කටයුතු කර ගැනීමට අවශ්‍ය ඩෙටා සැලසුම් රැසක් පසුගියදා හඳුන්වා දුන්නේය. වැඩිවෙමින් පවතින අවශ්‍යතාවක් වන ඔන්ලයින් පන්ති සහ දේශනවලට ප්‍රවේශ වීමට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් දැරිය හැකි මුදලකට මෙලෙස හඳුන්වා දී ඇතැයි හච් සමාගම සඳහන් කරයි.

මෙමගින් නිවසේ සිට අධ්‍යාපන කටයුතු කිරීමට රු.29ක් හා රු.69ක් වැනි සුළු මුදලකටData සැලසුම් දෙකක් හඳුන්වා දී ඇති අතර රු. 29 පැකේජය ඩෙටා 2 GB කින් සහ දින දෙකක වලංගු කාලයකින් ද රු. 69 පැකේජය ඩේටා 7 GBකින් සහ දින හතක වලංගු කාලයකින් ද සමන්විත වේ. මෙම සැලසුම් ද්විත්වය මගින්ම ZOOM, Microsoft Teams, Google Meet, Google Classroom  වැනි අධ්‍යාපනික කටයුතු සඳහා යොදා ගන්නා App සඳහාද web browsing  සඳහාද ප්‍රවේශය ලබා දෙයි.

හච් රු 551 කට Zoom App  සඳහා විශේෂිත වූ  පැකේජයක්, අධ්‍යාපන හා කාර්යාල කටයුතු වෙනුවෙන් දැනටමත් හඳුන්වා දී ඇති අතර එය Anytime data 20GB  කින් හා දින තිහක වලංගු කාලයකින් සමන්විත වේ. මෙය පෙරගෙවුම් හා පසුගෙවුම් යන පාරිභෝගිකයන් ද්විත්වයටම සක්‍රීය කරගත හැකි අතර අතර අනෙකුත් අධ්‍යාපනික කටයුතු සඳහා යොදා ගන්නා App සඳහා ප්‍රවේශයද, You Tube සඳහා අසීමිත ප්‍රවේශයක් ද හිමිවීම අමතර ප්‍රතිලාභයකි.



අදහස් (1)

හච් වෙතින් නවතම ඩෙට සැලසුම් රැසක්

anula Wednesday, 17 March 2021 08:57 AM

ලෝකෙ කොහෙවත් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 138 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 609 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1025 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site