IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හුංගම වෙඩි තැබීමකින් අයෙක් මරුට

(පද්මසිරි ගාර්දියවසම්  සහ චන්ද්‍රසේන ගමගේ)

 

හුංගම පොලිස් වසමට අයත් කහදමෝදර ,නිදහස්ගම -නැගෙනහිර ,ගංවතුර ගම්මානයේදී අද (6) උදෑසන 10.45 ට පමණ හිසට වෙඩි තබා ධීවරයෙකු ඝාතනය කර ඇතැයි හුංගම පොලිසිය පවසයි .

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිදහස් ගම නැගෙනහිර ,ගංවතුර ගම්මානයේ පදිංචි එදිරිවීර ජයසූරිය පටබැදිගේ උපුල් ප්‍රියදර්ශන නමැති 42 හැවිරිදි තිදරු පියෙකි .

ඔහු බහුදින ධීවර යාත්‍රාවක ස්කිපර්වරයෙකු ලෙස රැකියාව කරන අයෙකු බව පොලිසිය කියයි 

වෙඩි තැබු සැකකරු හදුනාගෙන ඇතැයි පොලිසිය පවසයි .ඔහු බටඅත ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .

ජීවිතක්ෂයට පත් ධීවරයා  මුහුදු රැකියාවට ගොස්  සති දෙකක් පමණ ඈත දියඹේ  මසුන් අල්ලා දින කිහිපයකට පෙර ගොඩට පැමිණ බිල් බේරා ලබාගත් මුදලින් රුපියල් ලක්ෂ දෙකක් රැගෙන උගසට තබාඇති රන්බඩු බේරාගැනීම සදහා රන්නට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි .

නිවස ආසන්නයේ අතුරු මාර්ගයේ දී රැකසිටි සැකකරු ධීවරයාට වෙඩි තබා ඇති අතර වෙඩි තැබීම සදහා  ටී කටස් වර්ගයේ ගිණිඅවියක් යොදා  ගන්නට  ඇතැයි පොලිසිය සැකකරයි .

වෙඩි පහරින් හිසට සිදුවූ බරපතල තුවාල සහිතව තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි ප්‍රතිකාර ලබමින් සිටි තුවාල කරු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග  පවසයි . ජීවිතක්ෂයට පත් ධීවරයා සහ සැකකරු එකම කාන්තාවක් සමග අනියම් සබදතාවයක් පවත්වා ඇති අතර ඒ පිළිබඳව දෙදෙනා අතර ආරවුලක් පැවති බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි .

ජීවිතක්ෂයට පත් අයගේ මෘතදේහය තංගල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇත .

මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතය .

තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ හුංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි එහි අපරාධ අංශය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .



අදහස් (0)

හුංගම වෙඩි තැබීමකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site