
(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ආයතනයක් වන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් ආචාර්ය ගොයිගොඩගමගේ බන්දුල මහතා පත් කරනු ලැබ තිබේ.
කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම පත්කිරීම කර ඇත.
බන්දුල මහතා රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ ආචාර්ය උපාධිය ද, එක්සත් රාජධානියෙන් කෘෂිකර්මය පිළිබඳ MSc උපාධිය ලබා ඇති අතර ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකි.
එමෙන්ම බන්දුල මහතා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, මඟ නැඟුම, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, තේ පර්යේෂණායතනය ඇතුළු ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වශයෙන් ද කටයුතු කර ඇත.
ආචාර්ය ගොයිගොඩගමගේ බන්දුල මහතා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ සභාපතිවරයා වශයෙන් පත් කිරීම සඳහා උසස් තනතුරුවලට නිලධාරීන් පත් කිරීමේ ජනාධිපති කමිටුව මඟින් අනුමැතිය ලබා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට නව සභාපතිවරයෙක්