IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හංවැල්ල පොලිසිය අසල කලබලයක්

(කේ බුද්ධික කුමාරසිරි සහ  එච්.එස්. ඒ නන්දන)

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව කියන අයකු ගිනි අවියක් පෙන්වා තරුණයකුට මරණ තර්ජන කිරීම හේතුවෙන් හංවැල්ල පොලිසිය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් අද  සවස ඇති විය

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැමිණි කහහේන ප්‍රදේශයේ තරුණයෙකුට හංවැල්ල පොලිසිය තුළදී පොලිස් නිලධාරියකු  පහරදීමෙන් පසු පොලිසිය අසලට ප්‍රදේශවාසීන් රැස්වී දැඩි නොසන්සුන්කාරී තත්තවයක් ඇති විය

හංවැල්ල කහහේන ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථානයක් ආසන්නයේ වෙනත් පිටත ප්‍රදේශයකින් පැමිණි චීවරධාරියකු ඇතුළු කිහිප දෙනෙකු එක්ව ප්‍රධාන විහාරස්ථානය ආසන්නයේම තවත් විහාර කුටියක් ඉදිකිරීම සදහා ඉඩම් කොටසක් බැලීමට යාමේදී ගම්වාසීන් සමග මතබේදකාරී තත්ත්වයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි

පසුව විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ පැමිණ තත්ත්වය සමතයකට පත් කොට එම පිරිස පිටත්කර  යැවූ පසු සුළු මොහොතකින් නැවත එම පිරිස රැගත්  වාහන දෙකක් එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී නැවත ගැටුමක් හට ගෙන ඇති බවද පොලිසිය පවසයි

චීවරධාරියා  සමග පැමිණි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව කියන නැමැත්තා තමන් සතුව තිබූ පිස්තෝල වර්ගයේ ගිණි අවිය රැගෙන වෙඩි තබන බවට තර්ජනය කිරීමත් සමඟ ගැටුම්කාරී තත්වය වර්ධනය වී ඇති බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

හංවැල්ල පොලිසිය අසල කලබලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site