මැනිලා නුවර පිහිටි සී.එන්.එන් පුවත් සේවයේ පිලිපීන විකාශය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
එම පුවත් කාර්යාලයේ පිහිටි ගොඩනැඟිලි සංකීර්ණයේ කොරෝනා වයිරසය ආසාදිතයකු හඳුනා ගැනීමත් සමඟයි. මැනිලා නුවර පිහිටි අදාළ ගොඩනැඟිල්ලේ වෙනත් ආයතනයක සේවකයකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ආරක්ෂිත පියවරක් ලෙස පැය 24 ක කාලයක් විකාශන කටයුතු අත්හිටුවා කාර්යාලය විෂබීජහරණයට ලක් කිරීමට සී.එන්.එන්. ආයතනය පියවර ගෙන ඇත.
මේ වන විට පිලිපීනයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයින් 187 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එරට ප්‍රදේශ රැසක වැසියන්ට අත්‍යාවශ්‍ය කටයුතුවලට හැර නිවෙස්වලින් බැහැරව යාම රජය විසින් තහනම් කර තිබේ.
(125)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සී.එන්.එන් පුවත් සේවයේ පිලිපීන විකාශය අත්හිටුවයි