
(තිලකරත්න දිසානායක)
1995 වසරේ ගෘහ සේවය සඳහා සෞදියට ගිය දෙදරු මවක වසර 28කට පසුව හිස් අතින්ම නැවත මෙරටට පැමිණීමේ පුවතක් ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයෙන් වාර්තා වේ.
වයස අවුරුදු 41දී ඇය සෞදියට යන්නේ දහසකුත් බලාපොරොත්තු දහසක් හිතේ දරාගෙනය. මේ වන විට ඇය අතේ සතයක් නොමැතිව නිසි මතකයක් ද නොමැතිව රෝගී තත්වයකින් මෙරටට එවා ඇත.
කුරුණෑගල, බණ්ඩාර කොස්වත්ත, හිදගහවැව ඊ.එම් .කමලාවතී නමැති ඇය කුලියාපිටිය, මීගහකොටුව ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් මගින් 1995 මැයි 17 වැනිදා සෞදි රියාද් බලා ගියාය.
මව විදේශගත වනවිට තමන්ට වයස අවුරුදු 13 ක් සහ සහෝදරියට අවුරුදු 12ක්ව සිටි බව සදහන් කළ ඇයගේ පුතා වන තුෂාර කමැත්තා තමන්ගේ මතකයට අනුව මාස කිහිපයක් පියාට මුදල් එවූව ද වසරකට පමණ පසුව මවගෙන් ලිපි නොලැබී යාම මත පියා ඒජන්සිය සහ විවිධ ස්ථාන වෙත ගිය ද තොරතුරක් නොවූ බවත් අවසානයේ මවට යම් කරදරයක් වන්නට ඇතැයි පියා ඇතුළු ඥාතීන් දැඩි කම්පාවට පත්ව සිටි බවත් පැවැසීය.
මව පිළිබඳව කිසිදු තොරතුරක් නොමැතිවීම මත දැඩි සේ වේදනාවට පත්ව සිටි තම පියා 2009 වර්ෂයේදී මරණයට පත්වූ බව ද ඔහු ප්‍රකාශ කළ අතර තම මව නිවෙසක රදවා තබාගෙන වැටුපක් පවා නොදී සේවය ලබා ගෙන ඇති බව සිතිය හැකි යැයි ද කීය.
මෙම මවගේ වැඩිමහල් දරුවා වන තුෂාර සම්පත් විජේකුමාර මහතාට පසුගිය 13 වැනිදා පෙරවරුවේ ලැබුණු දුරකතන ඇමතුමකට අනුව, කටුනායක ගුවන් තොටුපොළෙහි සහන පියස ඇමැතීමේ දී මව මෙරටට එවා ඇති බැවින් ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි. ඒ අනුව එහි ගොස් මව බාරගනු ලැබූ බව තුෂාර සම්පත් මහතා සදහන් කළේය.
සහන පියස වෙත තම අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව මව බාරගනු ලැබූ බවත් මව සමග එවා තිබූ පැරණි ඇදුම් දැමූ ගමන් බෑග් දෙකක් සහ බෙහෙත් පෙති කිහියක් සහිත කුඩා අත් බෑගයක් ලබාගත් බවත් හෙතෙම සඳහන් කළේය.
ගුවන් තොටුපොළ සහන පියස වෙතට ඉකුත් 10 වැනිදා තම මව බාරදී ඇති අතර තොරතුරු විමසීමේදී කුරුණෑගල, බණ්ඩාර කොස්වත්ත, හිදගහවැව ග්‍රාමයෙහි පදිංචිව සිටි බවත් තමාගේ සහ සොයුරියගේ නම පැවැසීමත් නිසා තම මව බාර ගැනීමට හැකිවූ බව තුෂාර සම්පත් මහතා පැවැසීය.
මේ වන විට මෙම මව තුෂාර සම්පත් වෙසෙන ගම්පහ, කළගෙඩිහේන ප්‍රදේශයේ නිවෙසට කැටුව සිටින අතර අප එහි ගොස් ඇය හමුවූ අවස්ථාවේ යම් කම්පන තත්ත්වයකින් පසුවන ආකාරයක් සහ විමසන යමකට මද වේලාවක් බලා සිට පිළිතුරු දෙන ආකාරයත් දැක ගන්නට ලැබිණි.
විමසන යමකට සිංහලෙන් පිළිතුරු දීමට පටන්ගෙන වචන කිහිපයක් කතාකර අරාබි භාෂාවෙන් යම් යම් දේවල් කීවාය.
තුෂාර සම්පත් මහතාගේ බිරිඳ සදහන් කළේ මව සේවය කළ නිවෙසෙහි වැටී රෝහල්ගතව සිටි බවත් ගෙවී ගිය කාලය පුරාම වැටුපක් ලබා නොදුන් බව වරින්වර කල්පනා කරමින් සිට පවසන බවත්ය.
ඇයගේ විදේශ ගමන් බලපත්‍රය පවා මෙරටට එවීමේදී නොතිබී ඇති අතර ඇය බාරදීම සිදු කළ කටුනායක ගුවන් තොටුපොළේ සහන පියස වෙතින් දුරකතනයෙන් කළ විමසීමේදී එහි නිලධාරිනියක සදහන් කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මෙම මව සහන පියස වෙත බාරදීම සිදු කළ බවත්ය. පසුව ඉතා අපහසුවෙන් තොරතුරු ලබාගනිමින් ඥාතීන්ට බාර දීමට පියවර ගත් බව ද ඇය සදහන් කළාය.
කමලාවතී මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය නොතිබීම ගැන විමසීමේදී එම නිලධාරිනිය ප්‍රකාශ කළේ තාවකාලික ගමන් බලපත්‍රයක් සකසා ඇය මෙරටට එවීම සිදු කර ඇති බවය.
තම මවට වසර 28 ක කාලයක් පුරා වැටුපක් පවා ලබා නොදී සේවය ලබා ගෙන තිබීම විශාල අසාධාරණයක් මෙන්ම ඇය යම් රෝගී තත්ත්වයකට පවා පත්ව සිටින බැවින් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර සේවය කළ ස්ථානය සොයා වන්දියක් සහිත සාධාරණයක් ඉටු කර දීමට පියවර ගන්නා ලෙස දරුවන් සහ ඥාතීහු රජයේ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයට යවන්න එපා ! දැන් මේ වගේ දුක්ඛ දායක සිද්ධි කීයක්නම් වාර්තා වුණාද ? පිරිමි දැනගන්න ඕන ගෙදරට උපයන්න. අම්මලාව අනතුරවලට පත් නොකර.
සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මාෆියාවෙන් සල්ලි ගන්න ඇති
රට යනකොට රක්ෂණය වන්න කියනවා.. ඔක්කොම බලනවා අන්තිමට කිසි දෙයක් නැ
මෙම මවගේ ළඟම ඥාතීන් වහාම විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අමතා ඔවුන්ට සම්පූර්ණ වාර්තාවක් ලබා දිය යුතු අතර ඊට ප්‍රතිචාර වශයෙන් කොන්සියුලර් කටයුතු සෞදි අරාබියේ අදාළ අධිකාරිය සම්බන්ධ කර ගැනීමේ අභිමතය ඇති ශ්‍රී ලංකා තානාපතිවරයා අමතා වන්දි මුදලක් ලබා දෙනු ඇත. වසර 28 ක කාලය තුළ විදේශ අමාත්‍යාංශය ලෙස රාජ්‍ය තාන්ත්‍රික නාලිකාවට යාමට නොහැකි වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නොයන්නැයි මම ඔවුන්ට උපදෙස් දෙමි.
අවුරුදු 28 ක් යනකල් මොකුත් දන්නේ නෑ කියන කතාවට අමතරව තව මොකක් හරි කතාවක් මෙතන තියෙනවා අපි දන්නේ නැති
සමහර ආරාබිකාරයන්ට හිතක් පපුවක් නෑ ඒත් පේ විදේශ සේවා එකත් එයට නොදෙවැනි විදියට වැඩකරන එක තමා කරුමේ රට රැකියා කරන ලක්ෂ 10 කට ගෙන් සෑම වසරකටම රුපියල් 3200 ක් ගන්නවා ඒත් අමාරුවේ වැටුනු පුද්ගලයකුට හරි හමන් වන්දියක් වත් දෙනවාද? අඩුම තරමේ රුපියල් ලක්ෂ 10 ක් දෙනවාද?
කරුණාකර නිවසේ වැඩ කටයුතු සඳහා මැද පෙරදිගට කාන්තාවන් යවන්න එපා. ඒක තමයි එකම විසඳුම. බලධාරීන්ට හෝ සෞදි නිලධාරීන්ට හෝ තානාපති කාර්යාලය පිටුපසින් යාමෙන් පලක් නැත. කිසිම දෙයක් වෙන්නේ නෑ.
පව් ඉතින් රට යන අය මාත් ඔහොම වුනා...
එච්චර ලොකු දරුවෝ ඉදලත් ඒඅම්මා ගැන මෙච්චර කාලයකට සොයා බැලීමක් සිදුවෙලත් නැද්ද පව් දෙයියනේ.
අනිවාර්යයෙන් විදෙස් සෙවා කාර්‍යාලයට පැමිනිලි කරන්න වන්දි ඉල්ලන්න සාදාරනය ඉස්ට කකරන්න පව් දරුවෝන්ගේ නම් හරි මතක තිබුනා එක ලොකු දෙයක්