IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේම ගෙදරකට

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  මහල් 16 කින් යුතු නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ පළමු අදියර ඉදිකිරීම් මෙම වර්ෂයේ නොවැම්බර් මස අවසන් වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කුලී පදනම මත  ලබා ගෙන දැනට පවත්වා ගෙන යනු ලබන කාර්යාල සියල්ල  නව ගොඩනැගිලේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ  කොළඹ‍ කාසල් වීදිය කාන්තා ශික්ෂණ රෝහලට යාබදව  ඉදිකරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල වත්මන් ප්‍රගතිය පරීක්ෂාවට ලක් කිරීමට සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාව අතරතුර දී ය.  

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින කාර්යාල රැසක් කුලී පදනමින් ලබාගත් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන අතර, එම ගොඩනැගින්ලේ බදු කාලය තවදුරටත් ඉදිරි වර්ෂ සදහා දීර්ඝ‌ නොකරන ලෙසටත්, නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කඩිනම් කර එම කාර්යාල සියල්ල නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා  ලෙස ද අමාත්‍යවරයා මෙහි දී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

2016 වර්ෂයේ දී ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු දීර්ඝ කාලයක් නැවතී පැවති අතර වර්තමානය වන විට රජයේ අරමුදල් යොදවා එම ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත.



අදහස් (4)

සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේම ගෙදරකට

Neel Thursday, 23 October 2025 03:25 PM

අන්න එහෙම තමයි NPP ආන්ඩුව වැඩ කරන්නේ. මුදල් කලමනාකරණය අංක එකට...

:       5       21

ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Thursday, 23 October 2025 04:17 PM

Neel ඩෝබි දන්නවා නම් එහෙම පවත්වාගෙන යන කාර්යාල දෙකක් කියන්න.

:       15       5

Neel Thursday, 23 October 2025 06:18 PM

මම සතුටු වෙනවා NPP එකට කඩේ යන එකට. එහෙම නැතුව ඔබ වගේ ගොබ්බ බයියෙක් නොවුණු එකට. ඔයලා වගේ අයත් මේ රට කඩන් වැටුණු එකට වක්‍රව වග කියන්න ඕනෑ. ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි.

:       3       9

Neel Thursday, 23 October 2025 07:00 PM

රාජගිරිය පැත්තට වෙන්න සබීතාගේ බිල්ඩිම මතකද?.. රත්තරං පාට වෙපන් එකට සම්බන්ධ අය තමයි ගේම දුන්නේ....

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1309 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1240 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site