
(සුරංග රාජනායක)
දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක් ගතවී ඇතත් එම මීනි ඉවත් කිරීමට බලධාරින් මැදිහත් වී නැතැයි ගම්වාසීහු චෝදනා එල්ල කරති.
ඉකුත් 27 වැනි දා සිදුවූ ආපදාව සමග මෙම සොහාන් පිටිය නාය යාමට ලක්විය.
මාසයකට ආසන්න කාලයක් මෙම ප්‍රදේශයේ ජනතාව මේ පිළිබඳව බලධාරින්ට දන්වා ඇතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරිම නිසා ප්‍රදේශයේ ජනතාව රෝ බියකින් පෙලෙන්නට හේතු වී ඇත. මාර්ගය අවහිරවීම නිසා දුනුකේඋල්ල ප්‍රදේශයේ පවුල් දෙදහසක් පමණ එම ගමට කොටුවී ඇති බවද ඔවුහු පවසති.
මේ පිළිබදව අදහස් දැක් වු ප්‍රදේශයේ කාන්තාවක් වන ජයන්ති කුමාරි මෙසේ කිවාය.නාය යාමෙන් සොහොන් පිටියේ වලදමා තිබු මීනි සමඟ පෙට්ටි හතරක් මතුව පාරට පැමිණ තිබෙනවා. අදට මාසයකට කිට්ටුයි. අපි උඩපලාත ප්‍රාදේශිය ලේකම්වරියට මේ ගැන කිව්වා. නමුත් වැඩක් වුණේ නෑ. අපි දැන් අසරණ වෙලා. කුණු වී මඩ මුසුව ඇති මේ මීනිවලින් භයානක රෝග පැතිරෙන්න පුළුවන්.


2025 දෙසැම්බර් මස 18
415
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
Rata Perata Sunday, 21 December 2025 08:24 PM
මේ ප්‍රාදේශීය ලේකම්වරියගෙන් නිදහසට කරුණු අහන්න ඕන.
වෘත්තීය කන්නලව් ව්‍යාපාරය Sunday, 21 December 2025 08:36 PM
තමන්ගෙ ඥාතීන්ට සැබෑ ආදරයක් තියෙනවනම් ජීවත්වෙලා ඉන්න අය ආණ්ඩුවම හැමදේම කරල දෙනකම් බලන් ඉන්නැතුව මිණී නැවත භූමදානය කිරීමට පියවර ගැනීම සුදුසුයි.
pakeer Sunday, 21 December 2025 08:43 PM
අඩු ගානේ දැන්වත් මේ දේවල් වලට අදාල ආණ්ඩුවේ බලධාරීන් මේකට විසඳුමක් දෙනු.
Lal Sunday, 21 December 2025 09:08 PM
ඉතින් ගමම එකතු වෙලා වලදාගනිල්ල --- එකත් ආණ්ඩුවට කියන්නේ ..... කම්මැලි පෙප්පෝ
Caeser Sunday, 21 December 2025 09:26 PM
ගමේ ඉන්න කාලකන්නි ටිකට ඔය මිනී පෙට්‍ටි 4 වලදාගන්‍න බැරි ඇයි දන්‍නැහැ
PGP Thilak Sunday, 21 December 2025 10:13 PM
ඔය හැම දෙයක්ම රජයට කරන්න පුළුවන් ද? ඕවා ගමේම අය එකතු වෙලා කළ යුතු වැඩ!!
tissa Sunday, 21 December 2025 11:10 PM
මේ වගේ රටක ඉපදෙන්ට අපි කොයි තරම් පව් කරලා ඇත්ද?
Ruwan Monday, 22 December 2025 12:39 AM
„Live or death“- ජීවත් වෙලා ඉන්න අයටද මැරිච්ච අයටද මේ වෙලාවේ මුලින්ම සැලකිය යුතුයි කියලා ටිකක් හිතන්න කරුණාකරලා!
සෙනෙවිරත්න Monday, 22 December 2025 09:08 AM
ග්‍රාමසේවක අල්ලගෙන ඔය මිනීවල අයිති නෑයො එක්ක වලලපල්ල, ආණ්ඩුවට සේරම කරන්න බැහැ මිනී වලනවට වඩා වැඩ තියෙනව.
කමල් Monday, 22 December 2025 12:26 PM
ආන්ඩුවට වැඩ ගොඩක් තියෙනවා මේ වෙලේ කරන්න.. පරන මිනී හතරක් වලදානවට වඩා...
කේ.ජී.කේ.වීරරත්න Monday, 22 December 2025 02:48 PM
සුනාමිය වෙලාවෙ තෙල්වත්ත , පැරෑලියෙ කෝච්චිය වතුරට යටවෙලා මිනිස්සු මැරිල ඒ මිනී වතුරට ගහගෙන ඇවිත් අපේ ගෙවල් පිටිපස්සෙ කුනුවෙල තියෙද්දි ඒ ගැන කාටවත් දොස් කියන්න අපි ගියෙ නැහැ නීතිය ප්‍රකාරව එවැනි මිනී උනත් එකපාරට වලලන්න බැරි නිසා. ඒත් ඔය සූසාන භූමියේ මතුවෙලා තියෙන මිනී වලලන්න පිටින් කවුරුවත් එනකන් බලන් ඉන්න ඕන නැහැ,. ඔය ප්‍රවෘත්තිය වාර්තා කල වාර්තාකාරය මිනිහෙක් නම් ගම්මු එකතු කරගෙන ඒ මිනී ටික ආපහු වලලන්න තිබුන. ඒක සමහරවිට ඔය අවතැන් වෙලා ඉන්න ජනතාවට කෑමෙන් බීමෙන් උදව් කරනවාට වැඩි උද්ව්වක් වෙන්නත් තිබුන.
Abeysingha Monday, 22 December 2025 06:00 PM
හැමදේම රජයෙන් කරල දෙනකම් බලාගෙන ඉන්න අය ටිකත් වතුරටම ගහගෙන යන්න තිබුනේ... යකෝ මුළු රටම විපතට පත්වෙලා තියෙද්දි මොවුන්ට පොඩි දෙයක් කරගන්න අතපය පණ නැද්ද...? ලැජ්ජා වෙන්න ඕනෑ මුන්... දකුනේ මිනිස්සු ඇවිත් මොවුන්ට උපරිම මහන්සියෙන් දේවල් කරලා දෙද්දී... මොවුන් වගේ එවුන් තමයි වැලලෙන්න තිබුනේ මුලින්ම...