(රෝහණ සමරවීර)
සෙවනගල උක් ගොවියන් සෙවනගල සීනි සමාගමට උක් අස්වැන්න නොදී ආරම්භ කළ දින හතක වැඩ වර්ජනය නිමා කරමින් එම කර්මාන්ත ශාලාව උක් ඇඹැරීම අද දින සිට ආරම්භ කරනු ලැබීය.
මේ වනවිට උක් ගොවීන්ගේ අමු උක් අස්වැන්න මිලදී ගැනීම ආරම්භ කළ බවත් පිළිස්සී ගිය උක් අස්වැන්න මිලට ගැනීම නැවැත දැනුම් දෙනතුරු නවතා දමා ඇති නමුත් එම අස්වැන්නට සාදාරන වන්දි මුදලක් ලබා දීමට ආයතනය කටයුතු කරන බව නම සදහන් කිරීමට අකමැති නිලධාරියෙක් පැවැසීය.
සෙවනගල ගොවිසෙත ඒකාබද්ධ උක් ගොවි සංවිධානයේ සභාපති ඒච්.පී. රැවන් සංජීව මහතා පැවැසුවේ පසුගියදා ජනාධිපති වරයා සමග පැවැති සාකච්ඡාවකින් පසුව එදින සිට උක් මිලදීගෙන කර්මාන්ත ශාලාවේ ඇඹැරුම් කටයුතු ආරම්භ කළ බවකි.
උක් වගාබිම් පිළිස්සීමත් සමග සෙවනගල ගොවීන් සති දෙකක පමණ කාලයක සිට දැඩි අර්බුධයකට මැදිවි සිටියදී විවිධ පාර්ශව කරුවන් හරහා ජනාධිපතිවරයාට තම දුක්ගැනැවිල්ල ඉදිරිපත් කිරීමට උත්සහයක නිරත වෙමින් සිටියදී පසුගියදා මොණරාගලදි ජනාධිපතිවරයාට කරුණු පැහැදිළි කිරීමට හැකියාවක් ලැබුණු බව බවකි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සෙවනගල වැඩ යළි අරඹයි