IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සෙලින්කෝ ලයිෆ් ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව වටිනාකම දෙගුණ කරයි

සෙලින්කෝ ලයිෆ් විසින් අධ්‍යාපන වියදම් ඉහළ යෑම සහ ජීවන වියදම කෙරෙහි ආර්ථික අර්බුදයේ බලපෑම සැලකිල්ලට ගනිමින්, පාසල් විභාගවල ඉහළ දස්කම් දක්වන සිසුන් සඳහා සමාගම විසින් ලබාදෙනු ලබන ‘ප්‍රණාම’ ශිෂ්‍යත්වවල වටිනාකම ස්වෙච්ඡාවෙන් දෙගුණ කරන බව නිවේදනය කර ඇත.

සැප්තැම්බර් 16 දින පැවැත්වීමට නියමිත මීළඟ ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව ප්‍රදානයේදී, ශිෂ්‍යත්ව ලබාගන්නා සිසුන්ට මෙය මහත්සේ ප්‍රයෝජනවත් වනු ඇතැයි සමාගම පවසයි.

ඒ අනුව 2022 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් 25 දෙනකුට වසර පහක් පුරා වාරික වශයෙන් ගෙවීමට නියමිත වූ රුපියල් 120,000 වෙනුවට රුපියල් 240,000 බැගින් හිමිවන අතර, 2021 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සිසුන්ට පොරොන්දු වූ රුපියල් 84,000 වෙනුවට වසර දෙකක් තුළදී මාසිකව රුපියල් 168,000ක් හිමිවනු ඇත.

2021 අ.පො.ස. (උසස් පෙළ) සමත්ව අදාළ දිස්ත්‍රික්කවල ප්‍රථම ස්ථානයන් හිමිකර ගත් සිසුන් 25 දෙනකුට මෙතෙක් ලැබුණු මුදල වන රුපියල් 144,000, මේ අනුව රුපියල් 288,000 වනු ඇත. එසේම එම විභාගයේදී 02, 03 සහ 04 වැනි ස්ථාන හිමිකර ගත් සිසුන් 75 දෙනකු සඳහා මෙතෙක් එක් වරක් පමණක් ගෙවනු ලැබූ රුපියල් 30,000ක මුදල රුපියල් 60,000 දක්වා වැඩි කර ඇත.

මේ අතර සෙලින්කෝ ලයිෆ් සමාගම නිවේදනය කර ඇත්තේ, 2021 සහ 2022 වසරවලදී ක්‍රීඩා, සෞන්දර්යය, නවෝත්පාදන හෝ නිර්මාණශීලී ක්‍ෂේත්‍රවල ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් දස්කම් දැක්වූ සිසුන් 10 දෙනකුට පිරිනැමුණු රුපියල් 35,000ක මුදලද ඉදිරියේදී රුපියල් 50,000 දක්වා වැඩි කෙරෙනු ඇති බවයි.

මෙම වැඩිකිරීම් හේතුවෙන් මේ වසරේ සෙලින්කෝ ලයිෆ් විසින් පිරිනැමීමට නියමිත ‘ප්‍රණාම’ ශිෂ්‍යත්වවල මුළු වටිනාකම රුපියල් මිලියන 11 සිට රුපියල් මිලියන 22.4 දක්වා වර්ධනය වනු ඇත. අද වන විට මෙම යෝජනා ක්‍රමය යටතේ සිසුන් 3,034 දෙනකු සඳහා රුපියල් මිලියන 177කට වැඩි මුදලක් ලබාදී ඇත. මෙසේ ‘ප්‍රණාම’ ශිෂ්‍යත්වවල නවතම සංස්කරණය සමගින්, සෙලින්කෝ ලයිෆ් මෙම අගය රුපියල් මිලියන 200 දක්වා ගෙන යනු ඇතිය.

595



අදහස් (0)

සෙලින්කෝ ලයිෆ් ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව වටිනාකම දෙගුණ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site