
(ඉන්දිකා රාමනායක)
අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට සෙල්ලම් පිස්තෝලයක් සමඟ පැමිණ සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ඉහත අධිකරණයෙන් විභාග වන නඩුවක් සඳහා මෙම කාන්තාව ඊයේ (27) පස්වරුවේ පැමිණ ඇති අතර, අධිකරණ ප්‍රධාන දොරටුවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරියක් විසින් සැකකාර කාන්තාවගේ අත් බෑගය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී ඉහත සෙල්ලම් පිස්තෝලය අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සෙල්ලම් පිස්තෝලයක් අත් බෑගයේ සඟවා අධිකරණ භූමියට ඇතුළු වීමට උත්සාහ කළේ ඇයිද යන්න හෙළි කර ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1571
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සෙල්ලම් පිස්තෝලයක් ගෙන අධිකරණයට ඇවිත්
wedage Tuesday, 28 October 2025 11:41 AM
ඊළඟට වෙඩි තියන්න පුළුවන් එකක් ගේන්න තමයි ට්‍රයි කරලා තියෙන්නෙ.
hemantha Tuesday, 28 October 2025 01:26 PM
පුදුම ඥානවන්ත මිනිසුන් නේද මේගොල්ලෝ!