IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


සුව ඇමති බදුලු රෝහලේ හදිසි නිරීක්ෂණයක

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා  බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂ  නිරීක්ෂණයකට එක්‌ විය.

ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින  දස මහල් නව හදිසි  ප්‍රතිකාර ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට ලක් කළ අමාත්‍යවරයා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව සදහා අවශ්‍ය සියලුම පහසුකම් සහිතව ඉදි‍කිරීම් ආරම්භ කළ මහාචාර්ය ඒකක සහිත දස මහල් ‍ගොඩනැගිල්ල ඉදිකිරීම් අතරමඟ නවතා දමා තිබීම පිළිබඳව  අවධානය යොමු කළේය.

මෙම දස මහල් ‍ගොඩනැල්ල ඉදිකිරීම සදහා 2023 වසරේ රුපියල් බිලියන 2.26 ක මුදලක් ‍වෙන්කර තිබූ අතර ඉදිකිරිම් කටයුතු 2025 වසරේ නිමකිරීමට සැලසුම් කොට තිබුණි. මෙහි කායික වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, ළමා රෝග වෛද්‍ය, ප්‍රසව හා නාරිවේද සහ මනෝ වෛද්‍ය වි‍ශේෂඥ අංශ මහාචාර්ය ඒකක ස්ථාපිත කර වෛද්‍ය පාඨමාලා ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබුණි.

රෝහලේ තෙමහල් පිළිකා ප්‍රතිකාර සංකීර්ණ ගොඩනැගිල්ල සහ එහි ප්‍රතිකාර කටයුතුත් එහි ස්ථාපිත කොබොල්ටි විකිරණ ප්‍රතිකාර අංශය,  ඖෂධාගාරය, විකිරණ ප්‍රතිකාර අංශය ඇතුළු රුධිර කාන්දු පෙරණ ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය, බාහිර රෝගී අංශය වැනි අංශ ගණනාවක් ද අමාත්‍යවරයා නිරීක්ෂණයට ලක් කළේය.



අදහස් (1)

සුව ඇමති බදුලු රෝහලේ හදිසි නිරීක්ෂණයක

ravin Sunday, 19 October 2025 12:10 PM

2023න් පටන්ගෙන 2025 ඉවර කරන්නලු තිබුණේ.. ගිණුම් පරීක්ෂා කළොත් හොයාගත හැකි වේවි ප්‍රමාදයට හේතු...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1073 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site