IMG-LOGO

සුදුසු තණකොළ වවන්නේ නැතුව රට හරක් ගෙනැත්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පසුගිය ආණ්ඩු යටතේ ඇතැම් කාල වල යුරෝපීය ගවයන් ගෙන්වීමේදී ඔවුන්ට අවශ්‍ය පෝෂණ තත්ත්වයන් ලබා ගැනීම සඳහා අදාළ තණකොළ වන්නේ නැතිව ගවයන් ගෙන විත් තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී  සුජීව දිසානායක මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීය.

'ගවයා කියන්නේ ආසියා සංස්කෘතියේ වන්දනීය සතෙක්.හින්දු භක්තිකයන් ගවයා පූජනීය සතෙක් ලෙස සලකනවා.ශ්‍රී ලාංකික භූමියේ දේශගුණය රටාව තුළ ලෝකයේ ඕනෑම ගවයෙක් ඇති කරන්නට හැකියාව තිබෙනවා.අප අද ඉදිරිපත් කරන්නේ 2014 සිට මතුවූ තත්ත්වයක්.

එවකට මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට අනුව මේ කිරි ගවයන් විසිදාහ ආනයනය කරන්න යෝජනා වී තිබුණා.2018 දී මේ කටයුතු ආරම්භ කර තිබෙනවා.මේ සඳහා අත්තිකාරම් දුන්නත් කිසිම හරකෙක් ලංකාවට ගෙනත් නෑ.ඒ වගේම ඇතැම් කාල පරාසවල යුරෝපීය ගවයන් ගෙන්වීමේදී ඔවුන්ට අවශ්‍ය පෝෂණ තත්ත්වයන් ලබා ගැනීම සඳහා අදාළ තණකොළ වන්නේ නැතිව ගවයන් ගෙන විත් තිබෙනවා.ලංකාවේ 75000 ක් පමණ කිරි ගව පාලනයෙන් යැපෙනවා.ඊළඟ අයවැයේදී කිරි ගව පාලනය සාර්ථක කර ගන්න මුදල් වෙන් කිරීමට කටයුතු කරනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (9)

සුදුසු තණකොළ වවන්නේ නැතුව රට හරක් ගෙනැත්

කුකුල් චමින්ද Thursday, 19 June 2025 01:39 PM

වසර 76ක් තිස්සේ රටකාපු තක්කඩි හැතිකරෙගේ ඉඳුල් කාලා, මෙතන උදේ-හවස වැළලෙන බත්කන හරක් රංචුවකුත් ඉන්නවා . උනුත් රටින් ගෙන්නපු හරක් තඩියෝ වෙන්න ඇති, මයේ හිතේ.

:       4       13

තුෂාර Thursday, 19 June 2025 02:03 PM

ඇත්ත ඔය හරක් වැඩෙන් අපිට අක්කර දහයක ඉඩමක් නැති උනා. පව් ගෙවන්න

:       3       6

වලේසුදා Thursday, 19 June 2025 02:16 PM

ගවයන්ට තියා ලොන්ඩරි කාරයින්ට කන්නවත් තණකොළ නෑ දැන්.

:       0       9

ඇන්ඩ්රු-තැම්බුත්තේvillage Thursday, 19 June 2025 02:45 PM

කුකුළා කියලා නමින් ඇවිත් අදහස් පළකරන්නෙත් ඩෝබි ආනන්දම තමයි.

:       5       4

prasanna Thursday, 19 June 2025 02:46 PM

මේවා නිකන් අති පණ්ඩිත කතා. තණකොළ වැව්වානම් කියාවි තණකොළවලට මිලියන ගාණක් ගියා කියලා. කයිය නායකලා කියන්නේ නිකන්ද?

:       8       8

Nandalal de Silva - France Thursday, 19 June 2025 03:33 PM

ඔය තියෙන්නේ මරා හොරා (හරක් පට්ටිය) ගහපු තවත් ගැහිල්ලක් ! හරක් ආනයනය අත්තිකාරම ෂුවර් එකටම ගියේ, මැදමූලන පට්ටියේ නාම්බෙකුගේ/නෑම්බියෙකුගේ විදෙස් ගිණුමකට බව අමුතුවෙන් කියන්න ඕනෑද? හරකුන්ට නැති, ගහන්න දන්නා මොල, මෙම පට්ටියට සහජයෙන්ම පිහිටා තිබෙනවා.

:       3       5

Nandalal de Silva - France Thursday, 19 June 2025 04:02 PM

ඕක ඉතින් මහ ලොකු ප්‍රශ්නයක් කර ගන්න එපා. කොමිස් ගහගන්න පුළුවන් විදියකට, අසූචි පොහොර නැව් ගෙනාවා වගේම, රට තණකොළ නැව් කිහිපයක් ගෙන්වා ගත්තා නම් වැඩේ ඉවරයිනේ...! ඊට පස්සේ රට ගොන්නු කාලා ඉතුරු වෙච්චි රට තණකොළ, අපේ රටේ ඔය ගොන්, තණකොළ බිස්නස් එක ජයටම කරපු, කකුල් දෙකේ, බත් කන ගොන්නුන්ටත් කන්න දෙන්න තිබුණානේ! පව්... අනේ... පව්...!

:       2       3

කුකුල් චමින්ද Thursday, 19 June 2025 05:08 PM

සුද්දෙක් කවලන් වෙලා ජාතක වෙච්චි ඉංග්‍රීසි - සිංහල නමක් තියෙන අන්දරේට ටිකක් රිදිලා, රෙද්දේ රෙවිලා. සුදුසු තණකොළ වවන්නේ නැතිව, රට හරක් ගෙනාපුවාම ඔහොම තමයි.

:       2       4

ඇන්ඩ්රු-තැම්බුත්තේvillage Thursday, 19 June 2025 06:16 PM

කුකුලට ඇත්ත කිව්වාම කේන්ති ගිහින් වගේ. මම තමුන්ගේ ලොක්කා අන්දරේ තමයි...

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1907 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 604 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 692 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site