
(යොහාන් භාසුර සහ නිමන්ති රණසිංහ)
සතොස සතුව තිබූ සුදුලූනු කන්ටේනර් දෙකක් වංචා සහගත ලෙස වෙනත් ව්‍යාපාරිකයකුට විකිණීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් ලංකා සතොස සේවකයන් සිව්දෙනකු අද (11) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙම නිලධාරීන් සිව්දෙනා අතරට වැඩ තහනම් කර සිටින නිලධාරීන් තිදෙනකු සහ සතොස සේවයට මෑතකදී එක් වූයේ යැයි කියන නිලධාරිනියක් ද ඇතුළත්ව සිටින බව සතොස ආරංචි මාර්ග සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් අය අතර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු, ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයකු ද සිටින බව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන එකකයට කැඳවන ලද අවස්ථාවේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙනඇත.
අද අත්අඩංගුවට පත්වූ නිලධාරිනිය මෙම ගනුදෙනුවට සම්බන්ධ ලිපි ලේඛන වලට අත්සන් තැබීමේ චෝදනාව මත පොලිස් භාරයට ගෙන ඇති බවත් දැනගන්නට තිබේ.
මෙම පුද්ගලයන් සිව්දෙනා හෙට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංකා සතෝස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සුසිල පෙරේරා මේ වන විට ඇප මත මුදා හැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල්මැස්සෝ අල්ලන්න ජවනිකා නැතුව රටම දන්නා තෝරු මොරුන්ව අල්ලන්න.
සතොසේ මෙතෙක් කලකට සුදුවූ එකම වංචාව සුදුලූනු කන්ටේනර් දෙකක් වංචා කිරීම පමනමද ?
ඇමතිලා.? නැතිනම් අහිංසකයෝ 4 දෙනා ඇතුළෙද.?
මේකත් අර පාස්කු ප්‍රහාරය ජාතියේම එකක්. මහ මොලකාරයා වෙනුවට කුඩා මොල කාරයන් ටිකක් තෝරාගෙන වගේ.
අප අදාළ නිලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ හොරුන්ගේ නම් ගම් ලිපිනයන් සහිතව මාධ්‍යයේ ප්‍රසිද්ධ කරන මෙන් . එවිට මේ අයට තමන්ගේ ගෙවල්වලට යාමට නොහැකි තත්වයක් උදාවනු ඇත. හොරකම් කරමින් පින්වතුන් ලෙස සමාජයේ හැසිරෙන මෙවන් අයගේ ගේ දරුපවුල්වලට සමාජය ඉදිරියේ ඇතිවෙන ලැජ්ජාව, අපහසුතාවයන් මේ සියල්ලම නීතියෙන් දඩුවම් දෙනවාට වඩා මානසික දඩුවමකි. එමගින් අනිකුත් හොරුන්ටත් මෙය ජීවිතේටම පාඩමක් බැවින් එමගින් හොරකම් අඩුවෙනවා යයි අප තරයේ විස්වාස කරන්නෙමු.
ලංකා සතොස හා සම්බන්ධ සිද්ධියට ඉහළින් පිහිටි ලංකා සතොස සහ සතොස (සතොස) විවිධ ආයතන දෙකකි.
මැති ඇමතිවරු වෙනුවෙන් තාවකාලික අත්අඩංගුවට ඉදිරිපත් වුන මහත්ම මහත්මීන්ට ජාතියේ ප්‍රණාමය.
සීනි හොරුන් සුදුලූනු හොරුන්ව අල්ලයි....
හෙට උපදින දරුවන්ටත් පටවා ණය ගෝනී රවටා දනන්ගේ රුහිරේ ගෙන පානී හැත්තෑ වසක් පාවා දී ලක් මෑනී හොරකං කරන අය කාපං මහසෝනී.
කේස් එක නිවෙනකම් ඉඳලම ඇප දුන්නොත් හොඳයි
මේ ආණ්ඩුව පත්වුණු දවසේ ඉඳන් අහන්න තියෙන්නේ බඩු ගණන් වැඩිකිරීම සහ හොරකම් 2/3, 69 ලක්ෂය 20 ඔක්කොම ජනතා සාපයක් වුණා...
තෝරයි, මෝරයි පාර්ලිමේන්තුවේ... කොහේවත් යන පෙතියෝ අල්ලන් ආවා ඉතින්...