IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සුඛෝපභෝගි නිවෙසකින් මතු වූ මත්පැල තවාන

(යොහාන් භාසුර)

රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය පැළ තවානක් පවත්වාගෙන ගිය මුල්ලේරියාව ප්‍රදේශයේ සුඛෝපභෝගී තෙමහල් නිවෙසක් තලංගම පොලිසියේ දූෂන මර්දන ඒකකයේ නිලධාරීහූ අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

මුල්ලේරියාව හිබුටාන පාරේ පිහිටි මෙම නිවෙසේ තුන්වන මහලේ අඩි දහයයි දහය ප්‍රමාණයේ කාමරයක් තුළ වායු සමීකරණ, විදුලිපංකා හා අධික ආලෝකය ස්වයංක්‍රීය වතුර දමන යන්ත්‍ර යොදවමින් මෙම පැළ තවාන පවත්වාගෙන ගොස් ඇති බවත් එහි වගාකර තිබූ පැළ 33 ක් සොයාගත් බවද පොලිසිය කියයි.

තලංගම දූෂන මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මුදිත ප්‍රියංකර මහතාට ලැබුණු තොරතුරකට අනුව ගංජා හෑෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් 35 හැවිරිදි පුද්ගලයකු හිඹුටාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මුල්ලේරියාවේ පිහිටි මෙම නිවස පිළිබඳ හෙළිවී තිබේ.

කොන්ත්‍රාත්තකරුවකුට අයත් මෙම සුඛෝපභෝගී තෙමහල් නිවෙස පරීක්ෂා කිරීමේදී මෙම පැළ තවාන පවත්වාගෙන ගිය පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් මුල්ලේරියාව පොලිසිය වෙත බාරදී ඇති අතර ඔවුන්  අළුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (15)

සුඛෝපභෝගි නිවෙසකින් මතු වූ මත්පැල තවාන

Ruwan Wednesday, 27 October 2021 05:59 AM

ලොකු හපංකමක් කරල..........නෙදකිං ........අල්ලපියව්කො ලොක්කන්ගෙ කුඩුත්......

:       73       24

bada Wednesday, 27 October 2021 06:39 AM

අනේ ශෝක් .වීරෝධාර පොලිස් මහත්තුරු ටිකක් .ඔහොම තමා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ

:       47       11

Sagara Kariyakarawana Wednesday, 27 October 2021 08:12 AM

හරිත වගාවක් නේද ?ඒකත් අපරාධයක්ද ?

:       57       17

WinerLK® Wednesday, 27 October 2021 09:40 AM

අඩි 10X10 මෙච්චර වටිනා පැල තියෙනවනම් ...අක්කර සියක් දෙසීයක් වවුවොත් බිලියන ගණනක් හොයන්න පුළුවන්නේ . පවට පින් දෙන්නත් බෑ නේ

:       97       21

somasiri Wednesday, 27 October 2021 09:58 AM

පැල 1ක් රුපියල් 606,000.00 වෙනවා .. පිස්සු නේ . මේවා අල්ලපන් පොවපන් කේ.ගී කොල්ලන්ට .

:       38       13

PA-RA Wednesday, 27 October 2021 10:52 AM

කුෂ් වවන්නේත් තිබෙන්නේ්ත් යෙමනයේ, යෙමනි ගෑණූ රෙද්ද අස්සේ හන්ගන් ඇවිත් කොලයක් රියාල් 500/= ගානේ විකුනනවා, කාපුගමන් මංඤං. ඕව එන්නේ බෝට්ටු වලින් ෂුවර්.

:       32       6

SL Wednesday, 27 October 2021 11:07 AM

මෙම මත් ද්‍රව්‍ය වල වටිනාකම පවතින්නේ රජයෙන් පනවා ඇති භාදකාත් එක්ක. හොඳම ක්‍රමේ පෘතුගාලය ගෙනියන වැඩපිළිවෙල . මත් ද්‍රව්‍ය පාලනය කලොත් විකුනන්න ගොඩක් අය පෙළඹෙනවා.රජය හරහා මත් කුඩු ,ගංජා වලට ඇබ්බැහි වුවන්ට අඩු මුදලකට (රජයට වගා කල හැකියි ) බෙදන එකෙන් ළමයිනුත් බේරෙනවා මත් ද්‍රවය වලට වෙළඳපොල වටිනාකම නැතිවීමෙන් ,මුදල් අපේක්ෂාවෙන් විකුනන්න පෙළඹෙන වෙළෙන්දන් ප්‍රමාණයත් නැති වෙනවා . කුඩු, අයිස් වැනි මත් ද්‍රව්‍ය වලට ඇති වටිනාකමත් අඩු කරගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ඉන්න අයට එකතු වෙලා ප්‍රතිපත්තියක් හදන්න බැරි ද?

:       35       9

andun kushWednesday, 27 October 2021 01:48 PM

කුෂ් වැවලා බඩ වඩා ගන්න කියලද කියන්නේ

:       2       0

Sruusthi Wednesday, 27 October 2021 11:40 AM

ළඟදීම මේවා ලංකාවෙත් නීතිගත කරනවා .එතකොට තේරෙයි මේ වගේ වටිනාකම

:       29       7

ganegoda Wednesday, 27 October 2021 12:29 PM

දැන් ජර්මනියේ මර්ජුවානා නීතිගත කළා .හැම කෙනෙකුටම ග්‍රෑම් 6 ක් භාවිතා කරන්න ප්‍රසිද්ධියේ තමා සන්තකයේ තියාගන්න පුළුවන් ,ඒත් ඒ හේතුවෙන් කිසි කෙනෙක් මර්ජුවානා භාවිතයට අරගෙන නැහැ .පරණ ගංජා කාරයෝමයි තාමත් මර්ජුවානා ගහන්නේ

:       50       9

sharm warnTuesday, 02 November 2021 10:43 AM

අනේ ගනේගොඩ ,මේ රටේ ඉන්න කුහක සම්ම්මතවාදියෝ දන්නේ නැහැ කන්සා වගාව තහනම් වුනේ කාගේ උවමනාවටද කියලා වත් .අපේ රටේ තහනම් කරපු එවුන් උන්ගේ රටවල නිදහසේ පාවිච්චි කරන්න දෙනවා

:       0       0

mada pamana Wednesday, 27 October 2021 01:50 PM

ගංජා ගහමු එකතුවෙලා, මගේ හිතේ යාවි පැමිණේවි

:       29       3

විජේ Wednesday, 27 October 2021 02:36 PM

පාර්ලිමේන්තුව තියන දවසක, පාර්ලිමේන්තු මිදුලේ කුශ් ගිනිගොඩක් ගහලා නාකි පප්පලා සෙට් එකටම වද්දන්ඩ ඕනේ ඕකෙ අගේ තේරෙන්ඩ

:       1       3

Shantha - qatar Wednesday, 27 October 2021 02:54 PM

අපි නම් දන්නේ කබි කුෂි ගම් විතරයි අප්පා

:       1       0

siri Wednesday, 27 October 2021 03:03 PM

ලෝකයේ හැම රටකම ගංජාකාරයින්ගේ ඉතිහාසය දිහා බලනකොට... මිනීමරුවන්, හොරුන්, බොරුකාරයින්, වංචාකාරයන්, ගරාවැටුණු සමාජ දූෂකයන් රැළක් ගැන තමයි ලියැවිලා තියෙන්නේ...

:       3       3

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 140 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 478 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 504 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1301 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2753 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1807 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site