IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සිසුන් 200 අඩු දකුණේ පාසල් 15දා විවෘත කරයි

(තරංග ගුණරත්න)

දකුණු පළාතේ ඇති සිසුන් 200 අඩු පාසල් 514ක් ලබන 15 වැනිදා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා තවදුරටත් පැවසීය.

කොවිඩි මර්ධන කමිටු සක්‍රීයකර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් , විදුහල්පතිවරුන් , ගුරුවරුන් , මව්පියන් සමග සාකච්ඡා කොට එහිදී ගැටලු හඳුනාගෙන එම ගැටලු දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත වාර්තා කිරීමටත් උපදෙස් ලබාදි ඇත.

මෙම කමිටුව මගින් පාසල් පිරිසුදු කිරීමටත්, විසබීජහරණය කිරීමටත් කටයුතු සැලසුම් කර තිබේ

එ සදහා අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා නගර සභා මගින් අවශ්‍ය සහයෝගය ලබා ගැනීමටත් අපේක්ෂා කෙරේ

ඒ අනුව ලබන 06 දින සිට එම කටයුතු සිදුකරන බව ද ඉන් අනතුරුව ලබන 15 දින සිට දරුවන් 200 අඩු පාසල් 514 ක් මෙ යටතේ ආරම්භ කිරීමට නියමිතය. 

 



අදහස් (1)

සිසුන් 200 අඩු දකුණේ පාසල් 15දා විවෘත කරයි

මහජනයා Wednesday, 29 September 2021 06:32 PM

කල් නොයවා දිනයක් තීරණය කිරීම ඉතා හොඳයි. මෙම ගණයට වැටෙන පාසැල්වල දරුවන් බොහෝ විට මාර්ගගත අධ්‍යාපනය ක්‍රමවත්ව නොලැබූ කොටසයි. 2020 අපොස සාපෙ ප්‍රතිඵල අනුව මෙම ගණයට වැටෙන පාසල්වල දරුවන්ගේ ප්‍රතිඵල අතිශය දුර්වල මට්ටමක පවතින අතර, උසස්පෙළට සුදුසුකම් ලැබීමේ ප්‍රතිශතය බින්දුව හෝ ඊට අාසන්න අගයක ඇත. දැන් තත්වය ඊටත් වඩා බැරෑරුම් තැනක ඇති. දරුවන් ඇගයීමට ලක්කර ගැටළු හඳුනාගෙන විසඳුම් ක්‍රියාත්මක කරන්න. කලබලයේ විෂය නිර්දේශ ආවරණයේ කිසිදු ඵලක් නැත. මෙම පාසල්වල අධ්‍යාපන පසුබෑම දිස්ත්‍රික්කයේ පහසුකම් සහිත පාසල්වල ප්‍රතිඵල වලින් වැසී ඇත. රජය පිරිවැය යොදා නඩත්තු කරන මෙම පාසල්වලින්ද අපේක්ෂිත ප්‍රතිඵල ළඟාකර දීම ගුරු, විදුහල්පති, කොට්ටාශ, කලාප, පළාත්, අමාත්‍යංශ නිලධාරීන්ගේ වගකීමකි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1098 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site