(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සතු ඉන්ධන පිරවුම්හල් ඉන්ධන සැපයුම සඳහා විදේශීය සමාගම්වලට ලබාදීමට කැබිනට් මණ්ඩලයට හෙට (27) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (26) පැවසීය.
මෙහිදී ඉන්ධන නිපදවන රටවල්වල සමාගම්වලට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බවත් එම සමාගම් මාස 6 ක් හෝ වසරක කාලයක් ඔවුන්ගේ මව් සමාගම්වලින් ණය ක්‍රමයකට ඉන්ධන ලබාගෙන සැපයීමෙන් ශ්‍රී ලංකාවට විදේශ මුදල් පිළිබඳව බරක් නොවිය යුතු බවත් අමාත්‍යවරයා කීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 1190 එම සමාගම්වලට 200 බැගින් හෝ ලබාදිය හැකි නම් ඉන්ධන ගැටලුවට විසඳුමක් වියහැකි බව කී අමාත්‍ය විජේසේකර මහතා ඉන්දියන් ඔයිල් සමාගම තවත් පිරවුම්හල් 50 ක් හෝ අලුතෙන් පිරවුම්හල් ස්ථාපිත කිරීමට හෝ ඉල්ලා ඇති බව ද සඳහන් කළේය.
COMMENTS
එහෙම නම් මේ අංශයට ඇමැති කෙනක් අවශ්‍ය නැහැ. රටට බර නැතුව දැන්ම තනතුරෙන් අයින් වෙලා යන එකතමයි තියෙන්නේ...
ෂෙඩ්වල ඉන්ධන නැති කළ හේතුව දැන් හිතාගන්න පුළුවනි...
මෙයාලා රට බංකොළොත් කළේ ඔක්කොම ටික විකුණලා දාන්න වෙන්න ඇති... රට කෑවා.
දැන් නම් අපිට හිතෙන්නේ කාට හරි දීලා තෙල් ටික ගෙනත් දීපල්ලා කියන්න. රටේ තව විකුණන්න දෙයක් තව ඉතිරි වෙලත් නැහැනේ...
හැබැයි ඒත් ඩොලර් ප්‍රශ්නේ ඉවර වෙනවනේ...! ඔවුන්ට රුපියල් වලින් අපිට ගෙවන්න බැහැනේ.. ඉතින් ඒකට විසඳුම තමයි... අපි ඩොලර්වලට මාරුවෙමු. පිටරට ඕන සමාගමකට... පුළුවන් මෙහෙ බඩු විකුණන්න.. අපිට ඩොලර්වලින් ගෙවන්න. ඇමැති ගෙදර යන්න.
පොර ටෝක්ස් දුන්නට තවත් වැඩ බැරි ටාසන් කෙනෙක් වගේ...!
ඔය ඉන්දියන් ඔයිල් සමාගමේ දැනුත් තෙල් නැති එකේ තව දුන්නත් ඔහොම තමයි... වෙන රටකට දුන්නා නම් හොඳයි ...
බළල මල්ලෙන් ඒළියට පනින්න දෙන්න ඒපා. හංගාගෙන හිටපු කුමණ්ත්‍රණයක් එළියට...
ඒගොල්ලෝ එක තෙල් නැවක් ගෙනත් වික්කාම ඒවාට ලැබුණු රුපියල් ඩොලර්වලට මාරුකරලා දෙනවද? දෙවැනි නැව ගේන්න. එහෙම නැතිනම් අවුරුදු 6 ක් ඒ ගොල්ලන්ගේ ඩොලර්වලට තෙල් ගෙනත් අපිට රුපියල් වලට තෙල් දිදී ඉන්නවද?