IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සැබෑ විප්ලවය මිනිසුන් මරා දැමීම නොවේ

(අංජුල මහික වීරරත්න)

සැබෑ විප්ලව යනු මිනිසුන් මරා දැමීම හෝ ගෙවල් ගිනි තැබීම නොව ජනතාව‍ට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රටේ ගොඩ නඟා දීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

“උරුමය” වැඩසටහන මඟින් මෙරට ජනතාවට එම පසුබිම උදා කරදීමට හැකි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සැබෑ සමාජවාදී වැඩපිළිවෙළ ජනගත කෙරෙන උරුමය  වැඩසටහන සමඟ දේශපාලනයෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේදී  පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.

අනුරාධපුර   දිස්ත්‍රික්කයේ මහවැලි එච් සහ හුරුළුවැව යන කලාප දෙකෙහි මහවැලි  කොට්ඨාශ 09ක 4012 දෙනෙකුට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය. 



අදහස් (5)

සැබෑ විප්ලවය මිනිසුන් මරා දැමීම නොවේ

Prabha Sunday, 14 July 2024 02:47 PM

පුස්තකාල ගිනි තියපු වධකාගාර තිබුණු අය..!

:       14       19

Bamunuarachchi Sunday, 14 July 2024 03:13 PM

ප්‍රජාතන්ත්‍රවාදී රටක සැබෑ ජනතා නායකයින් යනු මිනීමරු, කුරීරු වධකාගාර පවත්වාගෙන යන අසහනකාරී මිනීමරුවන් නොවේ...

:       10       20

janabala asamagi Sunday, 14 July 2024 03:33 PM

හැකිතරම් ජනතා මුදල් රටේ සම්පත් සොරාගැනීම ඔබතුමන්ලාගේ අනුගාමිකයන්ගේ විප්ලවයයි. තවදුරටත් වංචා, දූෂණ කරන ඔවුන් නොදැක්කා සේ සිටිමින් ඔවුන්ගේ තනතුරේ සිටිමින් ඔවුන්ට ආරක්ෂාව සැලසීම නියම විප්ලවයයි.

:       11       14

ජයනාත් Sunday, 14 July 2024 05:55 PM

83, 88, 89 කාලේ මොකද වුනේ මහත්තයා.. ඒ කාලේ ඇමැති කෙනෙක් නේද..?

:       10       5

රෝයි ෆෙඩ්රික්ස් Monday, 15 July 2024 11:05 AM

අපි නිකම් ගණන් බලමු .මෙතැනට බත් පැකට් කීයද? කසිප්පු බෝතල් කීයද? සෙනග අදින්න පුද්ගලික බස් කීයද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 743 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site