IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සළිඳුගේ වාර්ථාවක් ගන්න අවසර ඉල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

රැඳවුම් බාරයේ සිටින සළිඳු මල්ෂිත නොහොත් කුඩු සළිඳු අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් උගුර, කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥ ඉවෝන් නිරාෂා මහත්මිය මෝසමක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළාය.

සළිඳු මල්ෂිත අසනීප තත්ත්වයෙන් පසුවන බවත් ඔහුව සාමාන්‍ය වෛද්‍යවරයකු පරික්ෂා කළ අවස්ථාවේදී උගුර, කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කිරීම සුදුසු බව එම වෛද්‍යවරයා නිර්දේශ කර ඇති බවත් නීතිඥවරිය අධිකරණයේදී පැවැසුවාය.එම වෛද්‍යවරයා සළිඳු මල්ෂිතට දින 5 කට බෙහෙත් ලබා දී ඇතත් එම බෙහෙත්ද මේ වන විට අවසන් වී තිබෙන බවත් නීතිඥවරිය ප්‍රකාශ කළාය.

සළිඳු මල්ෂිත රඳවා සිටින්නේ පුද්ගලික රෝහලක නොවන බැවින් සැකකරුව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙස නියෝග නිකුත් කළ නොහැකි බවත් අධිකරණය කාර්ය භාර්ය වී ඇත්තේ රැඳවුම් බාරයේ සිටින සැකකරුගේ යහපැවැත්ම සහතික කිරීම පමණක් බවත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පැවැසුවේය.ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බවත් ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත යොමු කිරීම පමණක් සිදු කරන බවත් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රකාශ කළේය.



අදහස් (1)

සළිඳුගේ වාර්ථාවක් ගන්න අවසර ඉල්ලයි

රංබොඩ Wednesday, 28 February 2024 04:01 PM

පිටරටකට යවලා සනීප කරගමුද? රටක් වටිනා මිනිසුන් රැකගන්න ඕනෑනේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site