







(සිතුම් චතුරංග)
‘බුරවි‘ සුළි කුණාටුවේ බලපෑමත් සමඟ කිලිනොච්චිය දිස්ත්‍රික්කට ඇතිවූ තද සුළං තත්වයක් හේතුවෙන් ගස්කඩා වැටීමෙන් සමඟ නිවාස රැසකට හානි සිදුව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
අද (02) උදෑසන ඇතිවූ තද සුළං තත්වයක් හේතුවෙන් නිවාස මතට ගස් කඩාවැටී ආපදා තත්වය මතුව ඇති අතර ඉන් පවුල් කිහිපයක් පීඩාවට පත්ව ඇතැයිද සඳහන් කළේය.
උදෑසන සිට සුළගේ වේගය ඉහළයෑම හේතුවෙන් ගස් කඩාවැටී ඇති අතර කිලිනොච්චිය, කෝනාවිල්, යූනියන්කුලම් හා කන්දපුරම් ප්‍රදේශයන් හි නිවාස රැසකට හානි සිදුව ඇති බව පැවසීය.
ආපදාවටපත් පවුල් සඳහා සහන සැලසීම ආරම්භ කොට ඇති අතර අනාරක්ෂිත තත්වයේ සිටින පවුල් ආරක්ෂිත ස්ථානකරා යොමුකිරීමට පියවර ගන්නා බවත් පැවසීය.
සුළි කුණාටුව ආරම්භවූ පසු ආපදාවන්ටපත් පිරිස ඉහළ යාහැකි බැවින් ජනතාව දැණුවත් කිරීම් කටයුතුද ආරම්භ කළ බව කිලිනොච්චිය අපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1681
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුළඟෙන් - වැස්සෙන් කිලිනොච්චියේ නිවාස රැසකට හානි