IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිංහල වෛද්‍යවරු යුක්තියෙන් ඉල්ලීමක් කරති

(රංජන් කස්තුරි)

යුක්තිය මෙහෙයුම යටතේ මෝදක සහ කාමේෂ්වරී යන ඖෂධ අත්අඩංගුවට ගැනීම ආයුර්වේදයට කරන අයුක්තියකැයි ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා පැවසීය.

ආයුර්වේද පනත තුළ නීතිගත කර තිබෙන ඖෂධ වර්ග මත්ද්‍රව්‍ය සේ සේ සැලකීම සිය වෘත්තිය ගෞරවයට කරන හානියකැයි ද කොළඹදී  පැවතිි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය පෙරේරා මහතා කීවේය.

ආයුර්වේද පනත මගින් නීතිගත කර තිබෙන ඖෂධ වර්ග මත්ද්‍රව්‍ය සේ සලකා අත්අඩංගුවට ගැනීම සිය වෘත්තිය ගෞරවයට කරන හානියකැයි ද කොළඹදී ඉකුත්දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය පෙරේරා මහතා කීවේය.

දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ කංසා වල විස හරණය කර ඖෂධ සඳහා යොදා ගන්නා අතර ඖෂධ වට්ටෝරුවක භාවිතා වන ඖෂධ රැසක් අතුරින් එය එකක් පමණකැයිද වෛද්‍ය පෙරේරා මහතා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ එක්සත් වෛද්‍ය පෙරමුණේ සභාපති වෛද්‍ය වෝෂින්ටන් නානායක්කාර මහතා සඳහන් කළේ දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ කංසා භාවිතා කර නිපදවනු ලබන ඖෂධ වර්ග රැසක් තිබෙන බවය.

මෙම ආයුර්වේද ඖෂධ මත්ද්‍රව්‍ය සේ සැලකීම ආයුර්වේද වෛද්‍යවරුන්ට කරන දැඩි හානියක් බවද ඔහු සඳහන් කළේය.

ජාතික වෛද්‍ය පදනමේ ‍ලේකම් වෛද්‍ය ශ්‍රීනාත් පරණ යාපා සහ ආයුර්වේද වෛද්‍ය නිමල් වර්ණ සූරිය යන මහත්වරුද එහිදී අදහස් දැක්වූහ.

 



අදහස් (3)

සිංහල වෛද්‍යවරු යුක්තියෙන් ඉල්ලීමක් කරති

Lal Monday, 12 February 2024 08:16 AM

ආයුර්වේද කසාය හොර වෙද්දු... මොවුන්ගේ අදායම ඔය නීති විරෝධී කාලකන්නි වැඩ තමයි...

:       6       1

කළණසිරි ගජසිංහ Monday, 12 February 2024 11:12 AM

කංසාවල විෂ හරණය කරන ආකාරය සඳහන් කරන්න. විෂහරණය කරන්න කංසා ගිතෙල් වලින් බැදගෙන එම ගිතෙල් පෙර ඉවත්කර ඉතිරි වන කංසා පමණක් යොදාගත යුතුයි. ඒත් ඔබලා විසින් කරන්නේ එම ගිතෙල් ද සමග කංසා ඖෂධය නිපදවීම සඳහා යොදා ගැනීමයි. එවිට විෂ ටිකත් එයටම එකතු වේ. එවිට කංසාවල විෂ සහිත ද්‍රව වන THC රසායනිකය සහිතව ඖෂධය නිපදවේ. එවිට ඖෂධයක් වශයෙන් ඔබ ඔය කියන මෝදකය සහ කාමේෂ්වරී රසායනය අන්ත්‍රාදියක ඖෂධ ආඥා පනත යටතට ගැනෙන ද්‍රව්‍යයක් පමණක් නොවෙයි මාදක හා මනෝවර්ථක පනත යටතේත් ක්‍රියා කළහැකි තහනම් ද්‍රව්‍යයක් බවට පත්වෙනවා නේද?

:       3       3

Lal Monday, 12 February 2024 11:13 AM

අනේ මන්දා, බෙහෙත් වර්ග පවා මත්ද්‍රව්‍ය ලෙස ගන්න තැනත්තා ළඟදී ඒක බෙහෙතක් වෙන්නේ කොහොමද? අල්ලන ඒවා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ගත්තා නම් හරිනේ...!

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site