(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සහල් නිෂ්පාදකයන්ගෙන් සහල් ලබාගෙන අගරු චෙක්පත් දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කර සැකකරුවකු මිනුවන්ගොඩ කෙසෙල් කොටුව ප්‍රදේශයේ දී ගිනි අවි තුනක් ඇතුළු භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරු මත විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මෙහෙයුම් ඒකක(1) සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී බෝර 12 වර්ගය ගිනි අවියක්, පිස්තෝල දෙකක්,කඩුවක් සොයාගත් බව කාර්ය බලකාය පවසයි.
සැකකරු මීගමුව ප්‍රදේශය පදිංචි 36 පුද්ගලයකු වන අතර මුදල වංචා කිරීම් සම්බන්ධයෙන් නඩු 15 සැකකරුට එරෙහිව අධිකරණ රැසක නඩු විභාග වන බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.
සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලිසියට පොලීසියට බාර දී ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සහල් වංචා කළ අයකු ගිනි අවි සමග මාට්ටු