
(යොහාන් භාසුර)
මහා පරිමාණ සහල්මෝල් හිමියෙක් ලබන ලාභය පිළිබඳව ජනතාව දැනගතහොත් පුදුමයට පත්වන බවත් වී මිල තීරණය කිරීමේදී සහල්මෝල් හිමියන්ගේ සියලුම වියදම් සහ ආදායම් පිළිබඳ අවධානය යොමු කළ බවත් ජාතික පසු අස්වැනු කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ අශෝක රත්නායක පැවසීය.
වී මිල පිළිබඳව දැනුවත් කිරීම සඳහා කෝට්ටේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද (7) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අශෝක රත්නායක මහතා එසේ පැවසීය.
පෞද්ගලික අංශය මේ වන විට වී කිලෝවක් රුපියල් 125 කට වඩා අධික මුදලකට මිලදී ගනිමින් සිටින්නේ එවැනි මිලකට ගත්තද ඔවුන්ට විශාල ලාභයක් තිබීම නිසා බව කී රත්නායක මහතා ගොවියකු මාස හයක් තිස්සේ මහන්සි වී වී කිලෝ 5000 ක අස්වැන්නක් පමණක් ලබන බව ද සඳහන් කළේය.
එය එසේ වුවද මහා පරිමාණයේ වීමෝල් හිමියෙකු දිනකට වී කිලෝ 25000ක් ලෙස මාස හයක කාලයක් මාසයකට දින 25 බැගින් වීමෝල පවත්වාගෙන ගියහොත් රුපියල් ලක්ෂ 37 කට අධික ලාභයක් ලබන බවත් මෙවර වී මිල තීරණයය කිරීමේදී වීමෝල්හිමියන් වී මිලදීී ගැනීමේදී, තොග පවත්වාගෙන යාමේදී, සේවක වැටුප් ගෙවීමේදී, සහල් විකිණීමේදී ආදී දරන සියලුම වියදම් සහ ඔවුන් අතුරු නිෂ්පාදනවලින් ලබන ලාභයන් පිළිබඳව ද අවධානය යොමු කළ බවත් ජාතික පසු අස්වැනු කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ අශෝක රත්නායක මහතා කීය.
සහල් අලෙවි කිරීමේදී වීමෝල්හිමියාට රුපියල් 5 ක, අතරමැදියාට රුපියල් 3 ක සහ සිල්ලර වෙළෙන්දාට රුපියල් 5 ක ලාභ තීරුවක් වෙන් කර ඇති බව කී රත්නායක මහතා පැවසුවේ මෙම ලාභ තීරුවද සමඟ රජය ප්‍රකාශයට පත්කර ඇති උපරිම සිල්ලර මිලට කිසිදු ගැටළුවකින් තොරව සහල් අලෙවි කළ හැකි බවත්ය.
COMMENTS
එක පෑන් පාරෙන් කරනවා කියලා කිව්වාම රැවටෙන මී හරක් 68 ලක්ෂය දැන් සරමෙන් මූණ වහගන්න...!
ලොකු ලාභ නැතිව මහ මෝල් පවත්වාගෙන යාමට හැකිද? මෝල්වල නිශ්පාදන ක්‍රියාවලියක් වෙනවා. නඩත්තුව පඩිනඩි බැංකුවල පොලිය ඔක්කොම එකතුව. ඒත් වෙළෙන්දන් තමන් ළඟට එන පාරිභෝගිකයා සූරා කන එක හිතන්න...
ඇයි ඔය මිනිස්සු ආදායම් බදු, කර්මාන්ත බදු, ව්‍යාපාර බදු, ආදියත් ගෙවනවා ඇති නේද? ඒ මිනිස්සු උත්සාහයෙන් උපයන දෙයට ඊර්ෂ්‍යා කිරීම හරිද?
පුදුමයක්ද එක? හාල් මිල ජනාධිපතිම ඉහළ දැම්මා... වී පාලන මිලක් දාලා හිර කළා, ඒකෙන් වාසිය මෝල් මාෆියාවට තමයි.
රජය කළයුත්තේ වෙළෙඳ පලක් ඇති කිරීමයි. වෙළෙඳ ඒකාධිකාරය හාල් වලට විතරක් නෙමෙයි ලංකාවේ ව්‍යාපාර බොහෝමයකට පොදුයි. ලංකාවේ ඉන්ටර්වෙට් මිල අතින් ලෝකෙ වැඩිම රටවල් වලින් එකක්.. ටෙලිකොම් සමාගමේ ඒකාධිකාරය නිසා. හිඟන බස් සේවයක් තියනකන්නේ ඔවුන්ගේ ඒකාධිකාරය නිසා. ලෝක බැංකුවෙන් මේවා විසඳන්න හොඳ නිර්දේශ (SMP) දීලා තියනවා. ක්‍රියාත්මක කරන්න ලංකාවේ මිනිස්සුන්ට මොලයක් නෑ. සදා දුක් විඳිනවා.
වෙලෙන්ඳා රුපියල් 8 නිශ්පාදකයා රුපියල් 5 සියලුම ආයොජන එක්ක නිකන්ම කන අය පඬි ටෝක්...!
අශෝක රත්නායක මහත්තයෝ ඔබතුමාට සිල්ලර කඩයකට වැස්සකටවත් ගොඩවුණු අවස්ථාවක මතකයන් තිබෙනවද? සිල්ලර කඩයකට ඇති දෛනික වියදම් ගැන අවබෝධයක් ලබාගෙන නැවත ගණන් හදා කියන්න.
අතරමැදියාට කිලෝවට රුපියල් 3යි නම් කිලෝ 25000 න් හොයන්න පුළුවන් රුපියල් 75000යි. ප්‍රවාහනයට, පටවන්න බාන්න මිනිස්සුන්ට පඩි ගෙවන්න සල්ලි දෙන්නේ ඔබ තුමාගේ අප්පාද? කිලෝ 25000 (ටොන් 25) කට ලොරි වාර කීයක් යන්න ඕනෑ ද? ආණ්ඩුවේ ඉන්නේ ගණනුත් බැරි ඇත්ත ලෝකේ ජීවත් වෙන්නේත් නැති ගොබ්බයින්..
මහා පරිමාණ සහල් මෝල් ගිනි තිබ්බා නම් ප්‍රශ්නය ඉවරයි. ජෙප්පන්ට මේක සුලු දෙයක්.