
දක්ෂතම ගායනය (ප්‍රථම ස්ථානය) එම්. එල්. ගාවින්දි යන්සිකා සිසුවිය - කොලොන්න කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සුජිත් ප්‍රියන්ත මහතා අතින් ත්‍යාග සහ කුසලාන ලබාගත් අවස්තාව.
ඇඹිලිපිටිය කලාපයේ කොලොන්න කොට්ඨාශයට අයත් ඉත්තෑකන්ද සිංහරාජ මහා විද්‍යාලයේ ප්‍රථමික අංශයේ සංගීත තරගාවලික් පසුගියදා පැවැත්විණි.
ප්‍රාථමික ශ්‍රේණි විෂය නිර්දේශයට අයත් ගීත වලට ප්‍රමුඛතාවය දෙමින් ‘සිංහරාජ කොවුල් නාද 2023’ නමින් සංගීත තරගාවලිය පවැත්විණි.
එයට සමගාමීව නැටුම් තරග හා චිත්‍ර තරගද සංවිධානය කර තිබිණි.
පාසලේ ප්‍රාථමික අංශ බාර සංඛ ප්‍රේමනාත් ගුරු මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ දී දක්ෂතම ගායනය පළමු, දෙවැනි සහ තෙවැනි ලෙස සහ ජනප්‍රියම ගායනය ආදි ලෙස තෝරා ගැණිනි.
මාස 3ක පමණ කාලයක් තේරීම් කටයුතු වලින් අනතුරුව අවසන් තරගයට 15ක් සුදුසුකම් ලබා තිබිණි.
තරගාවලියේ දක්ෂතම ගායනය එම්. එල්. ගාවින්දි යන්සිකා ශිෂ්‍යාවත් දෙවන ස්ථානය කේ. දිදුල දුලක්ෂන ශිෂ්‍යාත් තෙවන ස්ථානය එච්. කේ. නිම්සර සිතුම් ශිෂ්‍යාත් දිනා ගත්හ.
ත්‍යාග හා කුසලාන ප්‍රදානය විදුහල්පති මෛත්‍රිපාල වෙත්තසිංහ මහතා සහ චිත්‍ර විෂය ආචාරීණි රෝහිණි මල්කාන්ති මහත්මිය හා ආරාධිත අමුත්තන් අතින් සිදු කළහ.

අවසාන තරඟයේ ජයග්‍රාහකයින් පස් දෙනා පිළිවෙලින් වමේ සිට කේ. දිදුල දුලක්ෂන, එච්. කේ. නිම්සර සිතුම්, ඩී. එම්. අයේශා සෙව්මිණි, එම්. එල්. ගාවින්දි යන්සිකා, එල්. ඩී. විශ්මි උත්තරා


2025 නොවැම්බර් මස 04
384
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘සිංහරාජ’ කොවුල් නාද පතුරයි