IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සුසිල් පෙත්සම්කරුවන්ට දෙහි කපයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මාස හයක අතුරු තහනම් නියෝගය නිසා පාසල්වලට විදුහල්පතිවරුන් බඳවා ගැනීමට නොහැකිවී ඇති බවත් මෙයින් අසාධාරණයට පත් වන්නේ දරුවන්ට යැයි  මේ පෙත්සම් දාන අයට තේරෙන්නේ නැද්දැයි තමා ප්‍රශ්න කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ සමගි ජන බලවේගයේ   මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විශ්‍රාම ගුරුවරුන් පළාත් සභාවලට බඳවා ගැනීමට ඉදිරි සති දෙක තුළදී බලය දෙන බවද ඔහු කීවේය.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද පැවසීය.
අතුරු තහනම් නියෝගවලට කාලයක් තියෙන්න ඕන. ඒ සඳහා සිවිල් නඩු විධි විධාන සංග්‍රහයේ  සංශෝධනයක් ඇති කළ යුතුයි.  සංශෝධනයක් ගේන්න කියලා අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.  මාස හයක් අතුරු නියෝගයක් දෙනවා. විදුහල්පතිවරුන් පත් කරන්න බැහැ. අපි සම්මත කරලා දෙනවා.  මේ වගේ දේවල් නිසා  අසාධාරණය පත් වන්නේ දරුවන්. මේවා දාන පෙත්සම්කරුවන්ට මේක  තේරෙන්නේ නැද්ද. මේක ඉඩම් නඩුවක් නෙමෙයි. අතුරු තහනම් නියෝගයක් කියන්නේ ඒ වගේ දෙයක් නොවෙයි. අතුරු තහනම් නියෝගය සදාකාලික නියෝගයක් වෙන්න බැහැ. විශ්‍රාම ගුරුවරුන් බඳවා ගන්න මීලඟ සති දෙක තුළ  පළාත් සභාවලට බලය දෙනවා.

ගුරු පුරප්පාඩු 32,000 ක් තියෙනවා. නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික අංශ වලට යෙදවීම නිසා ඒ අංශය පිරිහීමට ලක්වෙලා තියෙනවා.

රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය

අවුරුද්දක් තිස්සේ ගුරුවරුන් පත් කරන්න බැරුව ඉන්නවා.  දරුවන්ට වෙන විනාශයට  මෙතන ඉන්න හැමෝම වගකියන්න ඕන.

 



අදහස් (5)

සුසිල් පෙත්සම්කරුවන්ට දෙහි කපයි

අරවින්ද මොනරවිල Thursday, 24 August 2023 11:30 AM

, මෙයා උසාවි ගියාට දන්නේ නැතුව ඇති අභියාචනාධිකරණයෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එහෙම ආවාට ගියාට අතුරු තහනම් නියෝගයක් ගන්න බැහැ කියලා අතූරු තහනම් නියෝගයක් දෙන්නේ රටේ මූලික නීතියට, පනතකට හො අදාල අමාත්‍යාංශයේ රෙගුලාසි වලට අනුව කටයුතු නොකර මොකක් හරි ගේමක් ගහන්න හැදුව නිසා වෙන්න ඕනා, දැන් මෙයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා බබා වෙන්න හදනවා.ඒකේ ඉන්න බහුතරයක් තොත්ත බබලා මෙයාට රැවටෙයි දැන්.

:       3       15

wedage Thursday, 24 August 2023 11:38 AM

දෙල්කඳ පොලෙන් ගෙනාපු දෙහි වෙන්න ඇති කපන්නේ

:       0       13

ත්‍රීවීලර් Thursday, 24 August 2023 12:23 PM

ඔතන ඉන්න නොවෙයි හිටපු ඔක්කොම එවුනුත් වගකිවයුතුයි ඒ වගේම මෙහෙම දේවල් වල හොද නරක කියන්න ජනතාවට නිදහස තියෙන්නත් ඕන රට ත්‍රීවීලර් එකක් නම් ඒකෙ රෝද තුන තුන් පැත්තකට කැරකුනොත් මොකද වෙන්නෙ

:       0       9

විල්බට් Thursday, 24 August 2023 12:30 PM

සෑර් දැන් මොකෑ දෙල්කද පොල පැත්තෙ එන්නෙ නැත්තෙ. ඇමති උනාට පස්සෙ කන්නෙ කොහෙන්ද

:       0       12

සමන් Thursday, 24 August 2023 05:03 PM

මේ ආචිරියන්ට කවුද දන්නැහැ ආචාර්ය පට්ටම් දෙන්නේ. මේ යකයි අර බලු මූනු උන්නැහැයි රටට කරන්නෙ විශාල හානියක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site