(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිව් හැවිරිදි කුඩා දැරියකගේ කටට දුම්කොළයක් ඔබා මූණ වතුර බාල්දියක ද ඔබා වේ වැලකින් පහරදී කෲරත්වයට පත් කළ බව කියන පියාගේ දෙවැනි බිරිඳ අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි.
සැකකාරිය විසින් දැරියගේ කටට දුම්කොළය එබිම හේතුවෙන් දැරිය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී කතා කිරීමට පවා අපහසු තත්ත්වයෙන් මත් ගතියෙන් සිටි බව පොලිසිය සඳහන් කරයි.
දැරිය මේ වන විට කිරිඅම්මා භාරයේ හොරණ මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.
දැරියට පහර දීමට යොදා ගත් වේ වලද පොලිස් බාරයට ගෙන ඇත.
නෑබොඩ ප්‍රදේශයේ නිවසක සිටින කුඩා දැරියකට නිවසේ කාන්තාව නිරතුරුවම හිරිහැර කරන බවට අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතා වෙත ලද තොරතුරක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
ස්ථානාධිපතිවරයා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක විශාකා ධර්මපාල මහත්මිය ඇතුළු නිලධාරීන් කීප දෙනෙකු සමඟ එම නිවස කරා යන විටත් දැරිය නිවස තුළ බිම හඬා වැටෙමින් නිරුවත්ව සිටි බවත් සැකකාරිය දැරියගේ අතකින් අල්ලා සිටිය බවත් පොලිසිය සඳහන් කරයි.
සැකකාරිය පහර දුන් බව කියන සලකුණු කිහිපයක් වම් අතේ බැලූ බැල්මට දක්නට ලැබෙන බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය.
" දැරිය කියන දේ අහන්නෙ නැහැ හිතුවක්කාරයි "ඒ නිසා පහර දුන් බව සැකකාරිය පොලිස් නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.
දැරියගේ මව වෙනත් පුරුෂයෙක් සමග දැරිය හා පියා තනිකර මීට වසරකට පමණ පිටවී යාමෙන් අනතුරුව දැරියගේ පියා විසින් දැරියත් රැගෙන සැකකාරියගේ නිවසේ පදිංචියට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිව් හැවිරිදි දැරියට හිංසා කළ කුඩම්මා අත්අඩංගුවට
Lalla Saturday, 24 June 2023 06:00 PM
මේ මිනිස්සු හරියට තිරිසනුන් වගේ. මානසික රෝග ලක්ෂණ... මෙහෙම තිරිසනුන්ට සමාජය තුළ රැඳෙන්න ඉඩ නොදිය යුතුයි..