(යොහාන් භාසුර)
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීමට බලධාරීන් අපහොසත් වන්නේ නම් මේ මස 19 වැනිදා සිට වර්ජන ක්‍රියාමාර්ගයට නැවත අවතීර්ණ වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේෂ් මහතා පැවසීය.
මුදල් අමාත්‍යාංශය ටින් එකකින් එකතු කර බැරල් එකකින් බෙදාගන්නා බවත් ඒ හරහා මුදල් අමාත්‍යංශය ආර්ථික යුක්තියේ ප්‍රමාණය පිළිබඳ රටට ප්‍රදර්ශනය කර ඇති බවත් ඒ මහතා කීය.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා සම්බන්ධ සිද්ධියට පොලිසිය අනවශ්‍ය මැදිහත්වීම් කරන බව කී කුමුදේෂ් මහතා නැවත වරක් එවැනි මැදිහත්වීමක් වුවහොත් ඒ මොහොතේ සිට රට පුරා වර්ජනයක් ආරම්භ කරන බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුව සේවක වර්ජනයක් නැවතත්?
Prabha Friday, 08 March 2024 06:56 PM
මොවුන්ටයි, දුම්රියේ අයටයි විතරක් හැමදාම ප්‍රශ්න...
රංබොඩ Friday, 08 March 2024 07:05 PM
මහ බැංකුව බෙදාගත්තු විදිහට නම් රටේ කවුරු කොහොම ඉල්ලුවත් දෙන්න වෙනවා...!
මරිසිපාල Saturday, 09 March 2024 06:19 AM
මේ අදහස ඉතාමත් නිවැරදියි. ඒත් අපි අදහන ආගම අනුව රෝගීන්ට උපස්ථාන කිරීම බුදුහාමුදුරුවන්ට උපස්ථාන කිරීමට සමාන පුණ්‍ය කර්මයක් වුණත් හැමවිටම රෝගීන් පීඩාවට පත්කිරීම බරපතළ පාප කර්මයක් හැටියට සලකන්න හැකිය. ඒත් එහෙම දේවල් ගැන තැකීමක් ආගම දහමෙන් ඈත්වෙමින් තමන්ගේ බඩ ගැන පමණක් සිතන කිසිම සේවයක් නොකර ජනතා මුදලින් පිංපඩි ගන්න මිනිසුන්ට නැහැ කියලා හිතෙනවා...
Bamunuarachchi Friday, 08 March 2024 09:42 PM
සතපහක් දෙන්න එපා දෙන පඩියට බැරි නම් දොට්ට...
Lalla Saturday, 09 March 2024 08:38 PM
තව බොහෝම ටික කලකින්ම එළියට යනවා. මධ්‍යම මට්ටමේ කාර්මික සේවය පෞද්ගලික අංශයට දෙන්න පහසුයි. ඒත් එක්ක සුළු සේවක ගණන්කාරයෝ කොන්ත්‍රාත් පදනම යටතේ මෑන්පවර් සමාගම්වලින් ලබාගැනීමට පුළුවන්. ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ. සැපයක් යයි රවි දිය කෙලියේ...
Lelwala Sunday, 10 March 2024 08:08 AM
සෞඛ්‍ය සේවයට නුපුහුණු කම්කරුවන් හා වෙනත් සහායකයින් බඳවා ගැනීම නවතා එය පෞද්ගලික කරණය කිරීමෙන් වැඩවර්ජනවලින් තොර මහජනයාට මෙයින් ගුණාත්මක සේවයක් ලබාදිය හැකිය.