
(අංජුල මහික වීරරත්න)
1990 සුව සැරිය පදනමට නොමිලේ ප්‍රදාන වශයෙන් ගිලන් රථ ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පූර්ව රෝහල් ප්‍රතිකාර හා හදිසි රෝගී ප්‍රතිකාර සේවාවන් කඩිනමින් සලසා දීම සඳහා 2016 වසරේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ ඉන්දියාවේ පිහිටි TATA Sons (Pvt) Ltd ආයතනයෙන් ලබාගත් ගිලන් රථ 297ක් යොදාගෙන "1990 සුව සැරිය පදනම" ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා රජයෙන් ලබා දුන් ගිලන් රථ 25 ක් ද ඇතුළුව මේ වන විට ගිලන් රථ 322 ක් මේ සඳහා යොදවා තිබේ. සුව සැරිය පදනමේ ඉලක්කය අනුව, කඩිනමින් සේවය ලබා දීම
සඳහා ගිලන් රථ 450ක් සහ උපස්ථ ගිලන් රථ 25ක් අවශ්‍ය බවත් දැනට ගිලන් රථ 150ක හිඟයක් ඇති බවත් හඳුනා ගෙන ඇත.
ඒ අනුව ඉන්දියාවේ TATA Sons (Pvt) Ltd ආයතනය විසින් ගිලන් රථ 50ක් නොමිලේ ප්‍රදානයක් වශයෙන් ලබා දීමටත් ආසියා සංවර්ධන බැංකුව විසින් ගිලන් රථ 45 ක් ප්‍රදානයක් වශයෙන් ලබා දීමටත් එකඟතාව පළ කර තිබේ.
එකී ගිලන් රථ '1990 සුව සැරිය පදනම" වෙත ලබා ගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 21
178
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
246
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1120
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සුව සැරියට අලුත් ගිලන් රථ 95ක්
රාජදූත Wednesday, 10 July 2024 10:46 AM
සැබෑ පරහිතකාමී ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිඳාණන්ට හිස නමා අචාර කරමි.!!!