
(අංජුල මහික වීරරත්න)
කොළඹ ජාතික රෝහලේ කටයුතු පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්‍ෂණයක නිරත විය.
කොළඹ ජාතික රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාවන්ට අදාළ සහ අනෙකුත් පරිපාලන කටයුතු පිළිබඳව සොයා බැලීම සහ පවතින ගැටළු සඳහා කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් මෙම නිරීක්ෂණය කර තිබේ.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී රෝහල් පාලනාධිකාරිය සහ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල සමග සාකච්ඡාවකද නිරත විය.
මෙහි දී රෝහලේ දැනට පවතින අඩුපාඩු, උපකරණ, ඖෂධ, මානව සම්පත්, පරිපාලන ආදී අනෙකුත් කරුණු මෙන් ම සංවර්ධන වැඩසටහන්, රසායනාගාර සේවා ගැටළු සහ පැමිණිලි ආදිය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු සොයා බැලුවේය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා මෙහි දී කියා සිටියේ ජාතික රෝහල සම්බන්ධව දෛනිකව වාර්තා වන ගැටළු වලට අදාළ වන කරුණු සොයා බලා ඒ සඳහා හැකි කඩිනම් විසදුම් ලබාදීම අරමුණු කරගෙන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත මෙම හදිසි නිරීක්ෂණය සහ සාකච්ඡාව පැවැත්වීමට කටයුතු කළ බවයි.

2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුව නි.ඇමති හදිසියේ ජාතික රෝහලට